මේ විදිහට නොසිතූ වෙලාවක අකාලයේ ජීවිතෙන් සමුඅරන් තියෙන්නේ පුත්තලම පැත්තේ පදිංචි වෙලා හිටපු අවුරුදු 18ක සහ 19ක තරුණියන් දෙන්නෙක් එක්ක අවුරුදු 25ක තරුණයෙක්.
මේ කට්ටිය සතුටු වෙන්නත් එක්කයි දලුව මෝයකට හරියෙන් මුහුදට බැහැලා තියෙන්නේ. ඒත් ඉතින් හිතපු නැති වෙලාවක ආපු සැඩ රළ පහරකට අහුවෙලා මේ තුන්දෙනාම එකපාරටම දියේ ගිලිලා අතුරුදන් වෙලා තියෙනවා. පස්සේ වටපිටාවේ අයයි පොලිසියයි එකතු වෙලා ගොඩක් මහන්සි වෙලයි මේ තුන්දෙනාගේ සිරුරු හොයාගෙන තියෙන්නේ.
මේ වෙනකොට මෘත ශරීර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරලා තියෙනවා වගේම, නොරොච්චෝල පොලිසියෙන් මේ සිදුවීම ගැන වැඩිදුර විමර්ශන කරගෙන යනවා.