බ්‍රිතාන්‍ය රංගන ශිල්පියෙකු වන පැට්‍රික් ගොඩ්ෆ්‍රි අභාවප්‍රාප්ත වෙලා තියෙනවා කියලා හොලිවුඩ් ආරංචි මාර්ග තහවුරු කරනවා. මියයන විට මේ අපූරු කලාකරුවා 93 වැනි වියේ පසුවුණා.මියයන විට මේ අපූරු කලාකරුවා 93 වැනි වියේ පසුවුණා.
ඔහුගේ නියෝජිත ආයතනය නිවේදනය කරලා තියෙන්නේ තමන්ගේ පවුලේ අය වටකරගෙන, ඉතාමත් සාමකාමීව තමන්ගේ නිවසේදීම ඔහු අවසන් හුස්ම හෙළුවා කියලයි.
තරුණ, මහලු බේදයකින් තොරව කවුරුත් ආදරය කරපු "Ever After" චිත්‍රපටයේ 'ලියනාඩෝ ඩා වින්සි'ගේ චරිතයට පණ පෙව්වේ මෙන්න මේ අපූරු නළුවා තමයි.
ඒ විතරක් නෙවෙයි, ලෝක ප්‍රකට නිර්මාණ වන "Les Miserables", "The Count of Monte Cristo", "Oliver Twist" වගේම අතිශය ජනප්‍රිය සයන්ස්-ෆික්ෂන් කතා මාලාවක් වෙන "Doctor Who" හරහාත් ඔහු තමන්ගේ විශිෂ්ට රංගන දායකත්වය ලෝකෙටම පෙන්නුවා.
1956 අවුරුද්දේ වගේ ඈත අතීතයක රේඩියෝ නාට්‍යවලින් තමන්ගේ ගමන පටන් ගත්ත පැට්‍රික්, අවුරුදු 70කට ආසන්න කාලයක් සිනමාව, ටෙලිනාට්‍ය වගේම වේදිකාව වෙනුවෙනුත් තමන්ගේ මුළු ජීවිතයම කැප කරපු කෙනෙක්.
හොලිවුඩ් ක්ෂේත්‍රයේ අය ඔහුව හඳුන්වන්නේ ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටු කරපු "සැබෑ වැඩකාරයෙක්" විදිහටයි.
ඔහු අපෙන් සමුගත්තත්, ඔහු රඟපෑ ඒ අමරණීය චරිත හැමදාමත් ලෝක සිනමා රසිකයන්ගේ හදවත්වල ජීවත් වේවි.