හැබැයි මේ කියන්න යන්නේ, ඒ වගේ දේවස්ථාන සංචාරයක් නිසා ලොකු සමාජ මාධ්‍ය කුණාටුවකට මැදිවුණු ජනප්‍රිය නළුවෙක් ගැනයි. ඔහුත් අන්න ඒ වගේ ලෝකයම කතා කරන තරුවක්.. වරුන් ධවාන්, මේ ඇසෙන කතාව අන්න ඔහු ගැනයි.
තමන්ගේ අලුත්ම චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් මුම්බායි නුවර පිහිටි හින්දු කෝවිලකට ගිය සුපිරි බොලිවුඩ් නළු වරුන් ධවාන් මේ වෙනකොට ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙලා තිබෙනවා.
පසුගිය බදාදා (ජූනි 3) වරුන් ධවාන් කෝවිලෙන් පිටතට පැමිණෙන වීඩියෝවක් සහ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් එක්කයි මේ ප්‍රශ්නය ඇතිවුණේ. එහිදී ඔහු මාධ්‍යවේදීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට සුහදව ආචාර කරන අයුරු දැකගත හැකි වුණත්, හැමෝගෙම අවධානය යොමු වුණේ ඔහුගේ ඇඳුමටයි.
වරුන් කෝවිලට ගොස් තිබුණේ අත් නැති බනියමකින් (Sleeveless vest) සහ කළු පැහැති කොට කලිසමකින් (Shorts) සැරසීගෙනයි. ඔහුගේ නළලේ තිලකයක්ද තබා තිබුණා.
කෙසේ වෙතත්, විවේචකයන් පවසන්නේ ආගමික ස්ථානයක තිබිය යුතු පූජනීයත්වය සහ ගෞරවය රැකෙන පරිදි ප්‍රසිද්ධ චරිත මීට වඩා චිත්තාකර්ෂණීය සහ සංවර ඇඳුමකින් සැරසිය යුතු බවයි.