මේ අවාසනාවන්ත පුවත වාර්තා වෙන්නේ තලාතුඔය පොලිස් වසමට අයත් තැන්නකුඹුර - රාගල මාර්ගයේ මයිලපිටිය ප්‍රදේශයෙන්.
ඊයේ (03) දින සිදුවූ මේ ඛේදවාචකයෙන් මෙලෙස අකාලයේ දිවි අහිමි වී ඇත්තේ උනුවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 2 යි මාස 2 ක් තරම් වූ ඉතාමත් කිරිසප්පයෙක්.
පොලිස් මූලස්ථානය සඳහන් කරන අන්දමට, තැන්නකුඹුර දෙසට ධාවනය වෙමින් තිබූ කාර් රථයක්, තමන්ට ඉදිරියෙන් ගිය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කර තිබෙනවා. එහිදී කාර් රථය අධික වේගයෙන් ප්‍රතිවිරුද්ධ මංතීරුවට ඇතුළු වී ඇති අතර, ඒ මොහොතේම ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ලා බිහිසුණු ලෙස ගැටී තිබෙනවා.
අනතුරේ බිහිසුණුකම කොතරම්ද යත්, ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ තිදෙනාම බරපතල තුවාල ලබා තිබෙනවා. ත්‍රීරෝද රථයේ රියැදුරු, ඔහුගේ බිරිඳ සහ මේ පුංචි දියණිය වහාම හඟුරන්කෙත රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, අවාසනාවන්ත ලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී මේ සිඟිත්තිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වන විට අනතුර සිදුකළ කාර් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාතුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
පාරේ යනකොට තමන්ගේ හදිසිය විතරක් නෙවෙයි, ඉස්සරහින් එන මිනිස්සුන්ගේ ජීවිත ගැනත් හිතන්න කියලා අපි හැමෝටම මතක් කරන්නේ මෙවැනි අපරාධ තවත් සිද්ධ නොවෙන්නයි.