හැබැයි ඉතින් වගාවක් පටන් ගන්න යනකොට අලි ගැහුවොත්, ලෙඩක් හැදුණොත්, පෑව්වොත් සේරම ඉවරයිනේ කියලා බයේ හිටපු අපේ ගොවි මහත්වරුන්ට මෙන්න කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නියම ආරංචියක් දීලා තියෙනවා.
ලංකාවේ කෝපි වගාව සුපිරියටම ව්‍යාප්ත කරන්න හිතාගෙන, වගාකරුවන්ට කිසිම බයක් නැතුව වැඩේට බහින්න පුළුවන් ලොකු රක්ෂණාවරණයක් හඳුන්වා දෙන්න දැන් සේරම ලෑස්තියි!
මේ රක්ෂණය නිකම්ම දෙන්නේ නැහැ. කෝපි වගා කරනකොට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. අන්න ඒ නිර්දේශයට යටත්ව හරියටම කරන වගාවන් සඳහා විතරයි මේ රක්ෂණ යෝජනා ක්‍රමය වලංගු වෙන්නේ.
කෝපි පැළයක් හිටවලා පළමු අවුරුදු 3 තමයි වඩාත්ම තීරණාත්මක. අන්න ඒ නිසාම මේ රක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ පළමු වසර 3 සඳහායි. ඒ ඒ වර්ෂවලට අදාළ රක්ෂිත මුදලින් 7% ක වාරික මුදලක් ගෙවලා මේක ලබාගන්න පුළුවන්.
ලැබෙන උපරිම වන්දි මුදල් මෙන්න...
1 වන වසර සඳහා: රුපියල් 510,000/- ක්
2 වන වසර සඳහා: රුපියල් 660,000/- ක්
3 වන වසර සඳහා: රුපියල් 840,000/- ක්
කෝපි වත්තට මොන විනාශය වුණත් දැන් බය වෙන්න දෙයක් නැහැ. මේ මූලික රක්ෂණයෙන් පහත සේරම කවර් වෙනවා.
නියඟය, ගංවතුර, වන අලි හානි, පාලනය කළ නොහැකි කෘමි උවදුරු සහ ලෙඩ රෝග, වෙනත් වන සත්ව හානි.
කාටහරි ඕනේ නම් තමන්ගේ රක්ෂිත මුදලින් තවත් 0.5% ක අමතර පොඩි වාරිකයක් ගෙවලා, නායයෑම් සහ හදිසි ගිනි ගැනීම් වැනි දරුණු ආපදා සඳහාත් අමතර ආරක්ෂාවක් මිලදී ගන්න පුළුවන්