මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට අදාළව ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් තමයි මේකට හේතුව වෙලා තියෙන්නේ. මේ නිසා හෙට (11) පස්වරු 7.00 ඉඳලා අනිද්දා (12) පෙරවරු 7.00 වෙනකම් මේ වතුර කැපිල්ල ක්‍රියාත්මකයි.
රෑට වැඩ ඇරිලා ගෙදර ඇවිත් නාගන්න, උයන්න පිහන්න සහ පහුවෙනිදා උදේට වැඩට යන්න ලෑස්ති වෙන අයට මේකෙන් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා කලින්ම වතුර ටිකක් එකතු කරලා ලෑස්ති වෙන එක තමයි නුවණට හුරු.
මේ ප්‍රදේශවලට තමයි වතුර කැපෙන්නේ,
මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ- ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරියපාළුව සහ උඩුපිළ යන ග්‍රාම සේවා වසම්.
ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ- පරකන්දෙණිය, කොස්සින්න, ඇබරළුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ යන ග්‍රාමසේවා වසම්.
ඉතින් මේ පැතිවල ඉන්න ඔයාගේ යාලුවොන්ටත්, නෑදෑයින්ටත් මේ පණිවිඩය ඉක්මනින්ම යවලා වතුර ටිකක් පුරවා ගන්න කියලා මතක් කරන්න.
හදිසියේවත් වතුර නැතිවෙලා රෑට අමාරුවේ වැටෙන්න එපා!