නිරන්තරයෙන්ම තමන්ගේ ප්‍රේක්ෂකයින් එක්ක බොහෝම සුහදව ඉන්න යෝහානි, තමන්ගේ ජීවිතයේ ආදරණීය මතකයන් සමාජ මාධ්‍ය හරහා රසිකයින් එක්ක බෙදාගන්න කවදාවත් අමතක කරන්නේ නැහැ.
ඇයගේ ඒ සුන්දර සිනහවට වගේම, රංගන විලාසයටත් ලංකාවේ ප්‍රේක්ෂකයින් දක්වන්නේ පුදුමාකාර ළැදියාවක්.
ඔන්න ඉතින් යෝහානිගේ නිල මුහුණු පොත හරහා හරිම ආකර්ෂණීය, ඇස් නිවන රෝස පාට ලස්සන ගවුමකින් හැඩවුණු අපූරු පින්තූර එකතුවක් රසිකයින් වෙනුවෙන් මුදාහැරලා තිබුණා.
හරියට රෝස පාට මලක් වගේ හරිම චාම් සහ සුන්දර විලාසිතාවකින් සැරසුණු ඇයගේ මේ අලුත්ම පින්තූර පෙළට, සමාජ මාධ්‍ය හරහා රසිකයින්ගෙන් ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාර එකතුවක්.
ඔයාලත් බලන්නකෝ අපේ රටේ කවුරුත් ආදරය කරන යෝහානිගේ මේ අලුත්ම රෝස පාට විලාසිතාව කොහොමද කියලා...
