සියවස් එකකට ආසන්න කාලයක් පුරා ඇය මෙරට සිනමාවට, ටෙලි නාට්‍යයට සහ වේදිකාවට දුන් දායකත්වයත්, ඇය ප්‍රේක්ෂකයින්ට තිළිණ කළ ඒ අමතක නොවන "අම්මාගේ" සහ "මිත්තණියගේ" චරිතත් නිසාම ඇය අදටත් අපේ රටේ සදාදරණීය කලා මවක්.
ඇයගේ මේ සුවිශේෂී 99 වන උපන්දිනය වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ආධුනික කලාකරුවන් රැසක් වගේම ලංකාවාසී සුවහසක් ප්‍රේක්ෂකයින්ද සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට සුභ පැතුම් එකතු කර තිබුණා.
එමෙන්ම, ඇයගේ උපන්දිනය දවසේ කලා ලෝකයේ ඇයට සමීපතම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ ඇය ඉතාමත් සතුටින්, සිනහමුසු මුහුණින් යුතුව උපන්දිනය සමරන අයුරු දැක්වෙන ආදරණීය වීඩියෝවක් මුහුණු පොත පුරා සංසරණය වුණා. වයසින් කොතරම් මුහුකුරා ගියත්, ඇයගේ මුහුණේ තිබෙන ඒ නිවී සැනසුණු, සුපුරුදු ආදරණීය හිනාව හැමෝගෙම නෙතට කඳුළක් වගේම හදවතට ලොකු සතුටක් ගෙන ආවා.
