ඔබත් මේ කියන ප්‍රදේශවල ජීවත් වෙන කෙනෙක් නම් අද දවසේ ගමන් බිමන් යද්දී වෙනදාට වඩා පරිස්සම් වෙන්න අමතක කරන්න එපා...
අද දවසේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.
විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වඩා වැඩි සෑහෙන්න තද වැසි ඇද හැලෙන්න පුළුවන් කියලයි කාලගුණයෙන් අනතුරු අඟවන්නේ.
වැස්ස විතරක් නෙවෙයි, අද දවසේ සුළඟේ වේගයත් සාමාන්‍ය තත්ත්වයට වඩා ගොඩක් වැඩියි. පැ.කි.මී. 40-50 ත් අතර තද සුළං: මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට තද සුළං හමන්න පුළුවන්.
පැ.කි.මී. 30-40 ත් අතර තරමක තද සුළං ලංකාවේ අනෙකුත් සෙසු හැම ප්‍රදේශයකටම වගේ මේ වගේ තද සුළං බලපෑම් ඇති වෙන්න ඉඩ තියෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වෙනකොට ඒ එක්කම එන තාවකාලික තද සුළං වගේම මාරක අකුණු අනතුරු සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.
ඒ නිසා අකුණු මඟින් සහ සුළඟින් වෙන අනතුරු අවම කරගන්න ඕන කරන හැම ආරක්ෂිත පියවරක්ම ගන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.