හැබැයි ඔහු ආවේ නිකන්ම නෙවෙයි, මුළු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බර විය හැකි සුපිරිම රෙකෝඩ් එකකුත් එක්කයි..
ජාවලින් (Javelin Throw) හෙවත් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වන ස්ථානය (World No. 02) දක්වාම කරට කර සටනක් දීලා ඉදිරියට එන්න ඔහු සමත් වෙලා තියෙනවා.
පසුගිය දින කිහිපය පුරාම විදෙස් රටවල් කිහිපයක පැවැත්වුණු ප්‍රබල තරගාවලි 4කටම එක දිගට සහභාගී වුණු රුමේෂ්, ඒ හැම තැනකදීම ලංකාවේ නම ඉහළින්ම තියන්න සමත් වුණා. තමන්ගේ උපරිම දස්කම් පෙන්වලා ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට හරවපු රුමේෂ්, ඒ හැම ජයග්‍රහණයක්ම වැළඳගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පා තැබුවා.
ලෝකෙන්ම දෙවැනි තැනට ආපු රුමේෂ්ගේ ඊළඟ ඉලක්කය ලෝකෙන්ම අංක එක (No. 01) වෙලා ලංකාවට රන් පදක්කම් ගේන එක කියලා ඔහු මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා..