ඉතින් අද (28) දවස මිහිරිට වගේම ඔහුගේ ආදරණීය රසිකයන්ටත් හරිම විශේෂ දවසක්. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, අද මිහිරිගේ උපන්දිනය යෙදිලා තියෙන නිසයි.
සාමාන්‍යයෙන් උපන්දිනයක් දවසට ඕනෑම කෙනෙක් තමන්ගේ ලස්සන පින්තූරයක් දාලා, ලැබෙන සුභපැතුම් බාරගන්න එකනේ කරන්නේ. හැබැයි මිහිරි තමන්ගේ උපන්දිනය දවසේ මුහුණු පොතට එකතු කරපු සටහනක් විශේෂ වෙනවා..
මිහිරි තමන්ගේ උපන්දින සටහන තබලා තිබුණේ තමන්ගේ පින්තූරයක් වෙනුවට, තමන්ව මේ ලෝකෙට බිහිකරපු ආදරණීය අම්මාගේ පින්තූරයක් එක්කයි. තමන්ට උපන්දිනය සුභ පතන හැමෝටම ස්තුති කරන ගමන්, ඔහු තමන්ගේ අම්මා වෙනුවෙන් ලියපු ඒ ආදරණීය වචන පෙළ මෙන්න...
"මේ ඉන්නේ මගේ අම්මා..
හරියටම අද වගේ දවසක එයා දෙවෙනි වතාවටත් අම්මෙක් උනා.
මං මද්දු පුතෙක් උනා.
හැමෝම අද දවසේ මට සුභ පැතුවට මං සුභ පතන්නේ මගේ අම්මට..
බුදු සරණයි!
චිරාත් කාලයක් සතුටින් ඉන්න වාසනාව ලැබේවා..."
තමන් උපන් දවසේ තමන් ගැන හිතන්නේ නැතුව, තමන්ව මෙලොවට බිහිකරන්න දුක් විඳපු අම්මාව මේ විදිහට අගය කරන්න පුළුවන් වුණේ හරිම ගුණගරුක පුතෙක්ට විතරයි කියලා මිහිරිගේ රසිකයන් වගේම කලා ක්ෂේත්‍රයේ සමීපතමයන්ද කමෙන්ට්ස් හරහා පවසනවා.