ඒ තමයි පරිසරයට විනාශයක් වෙන, මිනිස්සු පාරට විසිකරපු බෝතල් මුඩි එකතු කරලා හදපු අතිශය අලංකාර වෙසක් කූඩු වගයක්.
මේ අපූර්ව නිර්මාණයේ සැබෑ හිමිකරුවා සොයාගෙන යද්දී අපිට හමුවුණේ මහියංගණයේ, මිනිපේ පැත්තේ ජීවත් වෙන "නිමලරත්න" මාමාවයි. ඔහු මේ ලස්සන වෙසක් කූඩු ටික නිර්මාණය කරන්න බෝතල් මුඩි 35,000කට ආසන්න ප්‍රමාණයක් තනිවම එකතු කරලා තියෙනවා.
හැබැයි මේ කතාව පිටුපස තියෙන්නේ ඊටත් වඩා හදවත කම්පා කරන කතාවක්. මේ කූඩුවල මුඩි අලවන්න අවශ්‍ය "ගම්" එකක් ගන්නවත් නිමලරත්න මාමාට වත්කමක් තිබිලා නැහැ.
නමුත් තමන්ගේ දක්ෂතාවයට නැතිකම බාධාවක් කරගන්නේ නැතිව, ඔහු වනාන්තරයෙන් බෙහෙත් පැළෑටි සහ ඖෂධ වර්ග එකතු කරලා, ඒවා විකුණලා ලැබුණු පුංචි සල්ලිවලින් තමයි මේ නිර්මාණයට අවශ්‍ය අඩුපාඩු සම්පූර්ණ කරගෙන තියෙන්නේ.