ඒ, තමන් කළ රක්ෂාවට සාධාරණ වැටුප් ඉල්ලූ වයස අවුරුදු 16ක බාලවයස්කාර දරුවෙකුට, රත්තරන් බඩු හොරකම් කළා යැයි පවසමින් ඇඳුම් ගලවා, නිරුවත් කර, අමානුෂික ලෙස පහර දීමේ ඛේදනීය පුවතක්.
නමුත් මේ සිදුවීම පිටුපස තිබෙන්නේ වෙනස්ම ආකාරයේ නින්දිත පළිගැනීමේ රහසක් බව දැන් හෙළි වී තිබෙනවා.
පසුගිය ජූනි 02 වැනිදා සවස 5:00ට පමණ ගාල්ල, දංගෙදර සහ සරෙන්තු කඩේ හන්දිය අතර තිබෙන පිරවුම්හල අසලින් ඇතුළට යන සියඹලාගහවත්ත ප්‍රදේශයේදී මේ බිහිසුණු අපරාධය සිදුවී තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු වන්නේ එම ප්‍රදේශයේ බිත්තර වෙළඳාමක් කරගෙන යන "සුරේෂ්" නැමැති පුද්ගලයායි.
තමන් ළඟ සේවය කළ 16 හැවිරිදි පිරිමි දරුවා මාසයක වැටුප් ඉල්ලූ අවස්ථාවේදී, බිත්තර මුදලාලි වන සුරේෂ්, ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය යන මුළු පවුලම එකතු වී දරුවාට වරද පිළිගන්නා ලෙස බලකරමින්, නිරුවත් කර වටකරගෙන සාහසික ලෙස පහර දී තිබෙනවා.
මෙම සිදුවීමේදී හෙළි වී ඇත්තේ, මේ කියන රත්තරන් බඩු හොරකම සම්පූර්ණයෙන්ම බොරු ගොතන ලද එකක් බවයි. මෙයට සැබෑ හේතුව බිත්තර මුදලාලිගේ දියණියගේ රහසක් මේ දරුවා දැකීමයි.
සුරේෂ් මුදලාලිගේ දියණිය වෙනත් පුද්ගලයෙකු සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වන අතර, ඇගේ පියා (සුරේෂ්) මෙම සම්බන්ධයට දැඩි ලෙස අකමැති වී තිබේ. දිනක් නිවැසියන් නිවසේ නොමැති අවස්ථාවක, දියණියගේ පෙම්වතා හොර රහසේම නිවසට පැමිණ සිට ඇති අතර, මෙම 16 හැවිරිදි දරුවා එය ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා..
පසුව දිනෙක දරුවා විසින් මේ බව දියණියගේ පියාට පැවසීම නිසා, පියාගෙන් බේරීමට සහ දරුවාගෙන් පළිගැනීමට දියණිය තුළ දැඩි වෛරයක් හටගෙන.
තමන්ගේ රහස හෙළි කළ දරුවාගෙන් කුරිරු ලෙස පළිගැනීමට සැලසුම් කළ දියණිය, අවසානයේ "රත්තරන් බඩු හොරකම් කළා" යැයි බොරු චෝදනාවක් නිර්මාණය කරමින් තම පවුලේ අය ලවා දරුවාට පහර දීලා තියෙනවා.
එපමණක් නොව, පහර දෙන අවස්ථාවේදී එම අසරණ දරුවාගේ ජංගම දුරකථනය ද බලහත්කාරයෙන් උදුරාගෙන ඇති ඇය, දරුවාගේම ෆේස්බුක් (FB) ගිණුමට ඇතුළු වී, දරුවා අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් පහර දෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට තරම් අතිශය නින්දිත වෙලා...
සමාජ මාධ්‍ය හරහා පළ වන වීඩියෝවක් ඇසුරෙන්