බොහෝ දෙනෙක් මේ ඛේදවාචකය හමුවේ තමන්ගේ සංවේගය පළ කරද්දී, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී ඕෂධි හේමමාලි ද ඇගේ ෆේස්බුක් ගිණුමේ ඉතාමත් සංවේදී සටහනක් තබා තිබුණා.
ඇය තැබූ ඒ සංවේදී සටහන පහතින්...
"මටයි, මගේ සැමියටයි, දරුවො දෙන්නටයි හෙට වුණත් මේ රට දාලා විදේශගත වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි තාමත් මේ රටේම ඉන්නෙ, අපේ අම්මවයි තාත්තවයි දාලා යන්න බැරි කමට...
හැබැයි ඊයෙ සිද්ධ වුණු ඒ බිහිසුණු ගින්න දැක්කට පස්සෙ මට හිතුණෙ, ඒ අහිංසක මනුස්සයෝ, ඒ පවුල්වල අය මොන තරම් පව්කාරයොද කියලා..."
මව්පියන් කෙරෙහි ඇති ආදරය නිසා රට හැර නොගියත්, රට තුළ සාමාන්‍ය මිනිසුන්ට මුහුණ දීමට සිදුවන මෙවැනි අනාරක්ෂිත සහ ඛේදනීය තත්ත්වයන් දෙස බලා සිටීමේදී ඇතිවන දැඩි කලකිරීම සහ වේදනාව ඇය මේ සටහන තුළින් මනාව පැහැදිලි කර තිබෙනවා.