මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසුණු කතාවක්.
ග්‍රහලොව කලාකාරිය ලෙසින් විරුදාවලිය ලත් සිකුරු ග්‍රහයා තමාගේ සතුරු රාශියක් වන සඳුට අයත් කටක රාශියට 2026.06.08 ප.ව. 5.45 ට ගෝචර වෙයි. එතැන් පටන් දින 26 ක් සඳුගේ භවන තුළ සිකුරු රැඳී සිටියි. මේ මොහොත වන විට තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නයත් වෘශ්චික නවාංශකයන් උදාව පවතී. එහිදී සිව් වැන්නේ සඳු - රාහු ද පස්වැන්නේ ශනි ද හය වැන්නේ ලග්නාධිපති කුජ ද හත්වැන්නේ රවි ද අට වැන්නේ බුද ද නම වැන්නේ බුධ සිකුරු ද මෙසේ ගමන් ගෙන තිබුණි. රහස් කුමන්ත්‍රණ රාශියක් තත්කාල ලග්නයට ඒම තුළ යම් යම් රහස් කුමන්ත්‍රණ ඇති වන බවක්ද පෙනේ. සමහර අයට විරුද්ධව සතුරු කුමන්ත්‍රණ පවා මතුවිය හැකි කාලයක් ද වෙයි.
තත්කාල කේන්ද්‍රයේ 22 දෙර්කාණාධිපති සිකුරුට අයත්ව ගමන් කර තිබීම මත කාන්තාවන්ට යහපත් නොමැති අතර මෙරට සිටින ප්‍රවීණ කලාකාරිනියකගේ හදිසි වියෝවක්ද ඉදිරි දින කිහිපය තුළ ඔබට අසන්නට ලැබිය හැක. එමෙන්ම අධිකරණ ශාලා වල දූෂිත ක්‍රියා පිළිබඳ නඩු බහුල වන කාලයක් වෙයි. කෘෂිකර්මාන්තයට හානි ඇති වන පුවත් අසන්නට ලැබෙයි.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හතර වැන්න අධිපති වෙමින් හය වැන්න තුළ සිකුරු ගුරු සමග ගෝචර වෙයි. යළින් සමහර අවස්ථා වලදී මූල්‍ය අක්‍රමිකතා මෙන්ම හැකරුන්ගේ ග්‍රහණයට ලක්වන පුවත් ද අසන්නට ලැබෙයි. සාගර භූ කම්පන තත්ව අසන්නට ලැබෙන කාලයක් ද වෙයි.
මේ මොහොත තුළ ගුරු බලවත්ව හය වැන්න තුළ ගමන් කිරීම හේතුවෙන් මෙරට ආගමික නායකයන් වහන්සේලාට විරුද්ධව කුමන්ත්‍රණ ඇති කරයි.
ඒ අනුව සිකුරුගේ කටක රාශි ගත වීම ලග්න 12 ට බලපාන ආකාරය කෙසේ දැයි අප බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබ කේන්ද්‍රයේ 7 අධිපති වෙමින් හතර වැන්න තුළ සිකුරු ගෝචර වෙයි. ඔබට භූමියෙන් ලාබ ඇති කරයි, නිවාස අලංකාරයට හිත යොමු වන කාලයකි, අලුතින් ඉඩ කඩම් මිලදී ගැනීමට ද හිත යොමු වන කාලයක් ද වෙයි.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබ කේන්ද්‍රයේ තමාගේ ලග්නාධිපති වෙමින් තෙවැනි භාවය තුළ සිකුරු ගෝචර වෙයි. ඔබගේ සහජ හැකියාව වැඩි දියුණු වන කාලයකි.
රැකියාවේ මානසික පීඩා අධික විය හැකි කාලයකි. ලැබීම් සහිතයි, තරමක් ආවේගශීලි ගති ඔබ තුළින් දැක ගත හැක. හවුල් ව්‍යාපාර තුළින් ඔබට අවාසි ඇති කරයි.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබ කේන්ද්‍රයේ 5 අධිපති වෙමින් දෙවැනි භාවය තුළ සිකුරු ගෝචර වෙයි, ලැබීම් සහිතයි, ලග්නාධිපති බලවත්ව ගමන් කිරීම නිසා ඔබ බුද්ධිමත් තීරණ ගන්නා කාලයක් ද වෙයි.
කටක ලග්නය
කටක ලග්න ඔබ කේන්ද්‍රයේ බාධක ග්‍රහයා වෙමින් ලග්න ගතව සිකුරු ගෝචර වෙයි, ලැබීම් සහිතයි, ලග්නාධිපති රාහුගෙන් පීඩා විඳ අටවැන්න තුළ ගමන් කිරීම මත මානසික පීඩා ඔබ තුළින් ප්‍රබලව දැක ගත හැක. රැකියාවේ උසස් වීම් පවා ඔබට ලැබිය හැකි කාලයක් ද වෙයි.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබ කේන්ද්‍රයේ 3 අධිපති වෙමින් දොළොස් වැන්න තුළ සිකුරු ගෝචර වෙයි, බාල සහෝදරයන් අතර ගැටලු ඇති වන බවක් ද පෙනේ. අඹු සැමි ගැටලු නිර්මාණය වීමට ඉඩ පවතී. රැකියාවේ ගැටලු මෙන්ම රැකියාවේ ඉවත් වීමට පවා ඉඩ සැලසෙන කාලයකි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබ කේන්ද්‍රයේ යෝග කාරක ග්‍රහයා වෙමින් අයස්ථාන ගනව හෙවත් එකොළොස් වැන්න තුළ සිකුරු ගෝචර වෙයි. ලැබීම් සහිතයි, කර්මස්ථානය හෙවත් දහවැන්න තුළ බුධ ගමන් කිරීම හේතුවෙන් රැකියාවේ දියුණුවක් මෙන්ම නව රැකියා ලැබීමට පවා ඉඩ පවතී.
තුලා ලග්නය
තුලා ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් දහවැන්න තුළ සිකුරු ගෝචර වෙයි, ඔබට පෙර පිං උදා කරයි. රැකියාවේ උසස්වීම් මෙන්ම රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයෙකු නම්, බලාපොරොත්තු සඵල වන කාලයක් ද වෙයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබ කේන්ද්‍රයේ 7 අධිපති වෙමින් භාග්‍ය ස්ථාන ගතව සිකුරු ගෝචර වෙයි. පෙර පිං ඇති වන කාලයකි. උදර ගත අසනීප ඔබට ඒමට ඉඩ පවතී.
ධනු ලග්නය
ධනු ලග්න ඔබ කේන්ද්‍රයේ 6 අධිපති වෙමින් අටවැන්න තුළ සිකුරු ගෝචර වෙයි, ඔබට මියගිය අයගෙන් යම් යම් ලැබීම් ලැබිය හැකි කාලයකි. සහෝදරයන් අතර ගැටලු අමනාපකම් ඇති වීමට ඉඩ තිබේ.
මකර ලග්නය
මකර ලග්න ඔබ කේන්ද්‍රයේ යෝග කාරක ග්‍රහයා වෙමින් හත් වැන්න තුළ සිකුරු ගෝචර වෙයි. අඹු සැමි සමගිය වර්ධනය වෙයි, ලැබීම් සහිතයි. ඔබට අක්ෂි ආබාධ ඇති වීමට ඉඩ තිබේ.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබ කේන්ද්‍රයේ 9 අධිපති වෙමින් සිකුරු හය වැන්න තුළ ගෝචර වෙයි. නීතිමය ගැටලු වලට පවා මුහුණ දීමට සිදුවන දින කිහිපයකි. මෙයට අමතරව සතුරු කරදර ඇතිවිය හැකි අතර වැය පස අධික වෙයි.
මීන ලග්නය
මීන ලග්න ඔබ කේන්ද්‍රයේ 8 අධිපති වෙමින් පස්වැන්න තුළ සිකුරු ගෝචර වෙයි. ඔබට ඔප්පු තිරප්පු වලින් මෙන්ම මියගිය අයගෙන් යම් යම් දෑ ලැබීමට පවා වාසනාව පවතින කාලයකි.
නැකත ජෝතිෂ්‍ය පුවත්පත ඇසුරෙන්..