මෙම ඓතිහාසික මෙහෙයුම සඳහා එක්වන නිල අභ්‍යවකාශගාමීන් කණ්ඩායම නාසා ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණත්, මෙහි ඇති විශේෂම සහ කණගාටුදායකම කරුණ වන්නේ මෙම මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන් සඳ මත පා තැබීමක් හෝ සඳ ආසන්නයටම ගමන් කිරීමක් සිදු නොකිරීමයි.
1972 වසරේ සිදුවූ සුප්‍රසිද්ධ 'ඇපලෝ 17' (Apollo 17) මෙහෙයුමෙන් පසු, වසර ගණනාවකට පසු මිනිසෙකු නැවතත් සඳ මත ගොඩබැස්වීමේ පළමු නිල මෙහෙයුම ලෙස සැලසුම් කර තිබුණේ මෙම 'ආටෙමිස් III' මෙහෙයුමයි.
නමුත් ලෝක ප්‍රකට කෝටිපති ඉලෝන් මස්ක්ගේ 'SpaceX' සමාගම නිෂ්පාදනය කරන 'Starship' රොකට්ටුවේ ඇති වූ තාක්ෂණික ප්‍රමාදයන් හේතුවෙන්, නාසා ආයතනයට සිය මුල් සැලසුම් හදිසියේම සංශෝධනය කිරීමට සිදු වී තිබෙනවා. ඒ අනුව, මෙම මෙහෙයුම සඳ වෙත යන ගමනක් වෙනුවට, පෘථිවියේ පහළ කක්ෂයේ පමණක් සිදුකෙරෙන අතිශය සංකීර්ණ තාක්ෂණික පරීක්ෂණ මෙහෙයුමක් බවට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
සඳට නොගියත් පෘථිවි කක්ෂයේදී මූලාකෘති චන්ද්‍ර යානා සමඟ සම්බන්ධ කිරීමේ අතිශය භයානක සහ සංකීර්ණ පරීක්ෂණය සිදුකිරීම සඳහා නම් කර ඇති දක්ෂයින්ගේ ලැයිස්තුව මෙන්න.
රැන්ඩි බ්‍රෙස්නික් (Randy Bresnik): මෙහෙයුම් අණදෙන නිලධාරී (Commander) - ඇමරිකාව.
ලූකා පර්මිතානෝ (Luca Parmitano): ප්‍රධාන නියමුවා (Pilot) - ඉතාලි අභ්‍යවකාශ ආයතනය (මෙහු දින 300කට වඩා අභ්‍යවකාශයේ රැඳී සිටි ප්‍රවීණයෙකි).
ඇන්ඩ්‍රේ ඩග්ලස් (Andre Douglas) සහ ෆ්‍රෑන්ක් රුබියෝ (Frank Rubio): මෙහෙයුම් විශේෂඥයින් (Mission Specialists) - ඇමරිකාව.
බොබ් හෙයින්ට්ස් (Bob Heintz): උපස්ථ කාර්ය මණ්ඩල සාමාජික (Backup crew member - දින 170ක් අභ්‍යවකාශයේ රැඳී සිටි ප්‍රවීණ නියමුවෙකි).
නාසා හි සඳ ගවේෂණ සිහිනයට එල්ල වූ අනෙක් ප්‍රබලම බාධාව වන්නේ ලොව තවත් ප්‍රකට කෝටිපතියෙකු වන ජෙෆ් බෙසොස්ගේ 'Blue Origin' සමාගමයි. ඔවුන්ගේ 'New Glenn' රොකට්ටුව පසුගිය මැයි 28 වැනිදා සිදුකළ එන්ජින් පරීක්ෂණයකදී (Hot-fire engine test) දරුණු ලෙස පිපිරී ගොස් තිබෙනවා. මෙම පිපිරීමෙන් රොකට්ටුව දියත් කරන 'ලෝන්ච් පෑඩ්' එකට දැඩි හානි සිදුව ඇති අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට මාස කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට ලෝක දේශපාලන පොරපිටිය ද උඩුයටිකුරු වී ඇත්තේ, චීනය විසින් 2030 වන විට කෙසේ හෝ සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමට රහසිගත සැලසුම් සකස් කිරීමත් සමඟයි. මීට අමතරව ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය විසින් ද 2028 වන විට ඇමරිකානුවන් සඳට යැවිය යුතුම බවට නාසා ආයතනයට නියෝග කර තිබීම නිසා ඔවුන් මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටිනවා.
වත්මන් වඩාත්ම සුබවාදී කාලසටහනට අනුව මෙම සංශෝධිත 'ආටෙමිස් III' මෙහෙයුම 2027 වසරේදීත්, සැබෑ ලෙසම මිනිසුන් සඳ මත ගොඩබස්වන 'ආටෙමිස් IV' සහ 'V' මෙහෙයුම් 2028 වසරේදීත් ක්‍රියාත්මක කිරීමට නාසා ආයතනය මේ වන විට බලාපොරොත්තු වෙනවා.