කාලෙන් කාලෙට විවිධ දේවල් හරහා සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන රන්ජන්, පසුගියදා තමන්ගේ මුහුණු පොතට අපූරු සටහනක් එක් කරලා තිබුණා.
ඔහුගේ කලා ජීවිතය තුළ ඔහු දිනාගත් අසංඛ්‍යාත සම්මාන ගොන්න කොතරම්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් මේ ආදරණීය සම්මාන ටික ආරක්ෂිතව වගේම ඉතා අලංකාරව තබා ගන්න ඔහුට අපූරු තෑග්ගක් ලැබිලා තියෙනවා.
ඒ තමයි ලස්සනම ලස්සන ෂෝකේස් (Showcases) කිහිපයක්! මේ වටිනා තෑග්ග ඔහුට ලබාදීලා තියෙන්නේ Lotek ආයතනය විසිනුයි. මේ සම්බන්ධයෙන් රන්ජන් තමන්ගේ මුහුණු පොතේ සටහන් කරලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
''මට ලැබුණු සම්මාන, ලස්සනට තබා ගැනීමට, ලස්සන showcase තෑගි කළ, lotek ආයතනයේ, සභාපති රවින්ද්‍රණාත් මහතාටත්, තනූජා මැතිනියටත්, බොහොම ස්තූතියි.''
මේ සටහනත් එක්කම, අලුත් ෂෝකේස්වල අලංකාරව තැන්පත් කරලා තියෙන තමන්ගේ සම්මාන ගොන්න එක්ක ගත්තු ලස්සන ඡායාරූප පෙළකුත් ඔහු රසිකයන්ට දැකගන්න මුදාහැරලා තිබුණා.