දරුවෙක් උපන් දා ඉඳන් ඒ දරුවට හොඳ අනාගතයක් හදලා දෙන්න, කුසගින්න නිවන්න තමන්ගේ ලේ, මස්, කඳුළු විතරක් නෙවෙයි ජීවිතේම දිය කරලා හරින්නේ මේ කියන අපූරු මිනිසායි. තමන් නොකා නොබී, අණ්ඩ දාපු බැනියම ඇඳගෙන, පෑගුණු සෙරෙප්පු දෙකෙන් මහා අව්වේ වැස්සේ වෙහෙසුණේ තමන්ගේ දරුවන්ට ලස්සන ලෝකයක් තනන්නයි.
හැබැයි, මුහුණු පොත හරහා සංසරණය වන වීඩියෝ පටයෙන් පෙනෙන්නේ ඒ උත්තරීතර පදවියට අද සමාජයෙන් ලැබිලා තියෙන ත්‍යාගයද කියලා අපට හිතෙනවා.
ඒ වීඩියෝ පටයේ ඉන්නේ වයස්ගත, බොහෝම දුර්වල වුණු අහිංසක තාත්තා කෙනෙක්. එදා දරුවන්ව උරහිසේ තියාගෙන ලෝකය පෙන්වපු ඒ ශක්තිමත් දෑත් අද වෙව්ලනවා. දරුවන්ට නවාතැන් තනන්න දහඩිය හලපු ඒ මනුස්සයා, අද කිසිම හව්හරණක් නැතුව මහා පාරේ අයිනක අන්ත අසරණව ඉන්න දසුන දකිද්දී ඕනෑම සංවේදී මිනිසෙකුගේ පපුව පත්තු වෙනවා නිසැකයි.
වීඩියෝව බලන ඕනෑම කෙනෙකුට වැටහෙන්නේ එකම දෙයයි. ඒ, තමන් පණ වගේ හදපු වඩපු දරුවන් විසින්ම මේ මහලු පියාව අතහැර දමා ගොස් ඇති බවයි. තමන්ට බරක් කියලා හිතලා, නැත්නම් තමන්ගේ සුඛවිහරණයට බාධාවක් කියලා හිතලා මේ මහලු පියා පාරට ඇදලා දාන්න තරම් ඒ දරුවන්ගේ හිත් ගල් වෙලා තියෙන්නේ කොහොමද?
"අපි අද වපුරන දේ හෙට නෙළා ගන්න සිද්ධ වෙනවා." අද තමන්ගේ මව්පියන්ව පාරට ඇද දමන දරුවන්ට, හෙට දවසේ තමන්ගේ දරුවන්ගෙන්ද ලැබෙන්නේ මේ ඉරණමම බව ඔවුන්ට අමතක වෙලා...