තමන්ගේ අයිතීන් ඉල්ලන දරුවන්ට මේ විදිහට පහර දෙන එක ගැන මුළු ඉන්දියාවම කතා වෙන්න පටන් අරන්.
මේ අතරේ හැමෝම පුදුම කරමින් ඉන්දියාවේ දැවැන්ත චරිත දෙකක් මේ සිසුන් වෙනුවෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ තමයි ඉන්දීය ක්‍රිකට් දෙවියා සචින් ටෙන්ඩුල්කාර් සහ බොලිවුඩයේ සුරූපී නිළි ආලියා භාත්!
තමන්ගේ නිවේදනයක් නිකුත් කරමින් සචින් කියන්නේ, දරුවො තමන්ගේ මහන්සියේ තරමට නිසි ඇගයීමක් නොලැබෙන එක ගැන කලකිරෙන එක 100%ක් සාධාරණයි කියලයි. ඒ වගේම ආයෙ කවදාවත් දරුවන්ට එහෙම හැඟීමක් ඇති නොවෙන්න වගබලා ගන්න එක හැමෝගෙම වගකීමක් කියලත් ඔහු මතක් කළා.
මෙතැනදී සචින් හරිම සංවේදී කතාවක් කිව්වා. ඔහු කිව්වේ ඔහුගේ පියා මහාචාර්යවරයෙක් බවත්, පුංචි කාලේ පියා ඔහුට කියපු මේ වටිනා පාඩමයි:
"අසමත් වීම (Fail වීම) ප්‍රශ්නයක් නෑ.. හැබැයි වංචා කරන එක තමයි වැරදි. ජීවිතේ කිසිම වෙලාවක කෙටි මාර්ග (Shortcuts) නම් තෝරාගන්න එපා!"
මේ සිදුවීම ගැන ආලියා භාත් කිව්වෙත් හරිම හැඟීම්බර කතාවක්. පාරට බැහැලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් ගුටිකන ළමයි දිහා ආලියා දකින්නේ වෙනස්ම කෝණයකින්.
"තමන්ගේ අයිතීන් වෙනුවෙන් නොසැලී ඉන්න මේ හැම සිසුවෙක් පිටිපස්සෙම ලොකු හීනයක් තියෙනවා.. ඒ වගේම පවුලක බලාපොරොත්තුවක් සහ අප්‍රමාණ කැපකිරීම් තියෙනවා. එයාලා නියෝජනය කරන්නේ එයාලව විතරක් නෙවෙයි. එයාලගේ පස්සෙන් එන අනාගත පරම්පරාවට යහපත් පාරක් හදන අය විදිහටයි මම ඒ අයව දකින්නේ.." ආලියා ඒ විදිහට සටහන් කරලා තිබුණා.
ඉතින් කොච්චර ජනප්‍රිය වුණත්, සල්ලි තිබුණත් රටේ අහිංසක දරුවන්ගේ ප්‍රශ්නයකදී සචින් වගේම ආලියා මේ විදිහට නිර්භීතව කතා කරන එක ගැන මුළු ඉන්දියාවේම ෆෑන්ස්ලා ලොකු ආදරේකින් තමයි කතා වෙන්නේ!