ඩෙංගු මදුරු මර්දනය සඳහා විශේෂ වැඩසටහනක් අද (08), හෙට (09) සහ අනිද්දා (10 ) යන දිනයන්වල පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටින්නේ.
මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 37,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ 2025 වසර සමඟ සැසඳීමේදී මෙය රෝගීන් 10,000ක පමණ වැඩිවීමක් බවයි.
වාර්තා වූ රෝගීන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 22ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 17ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට 6ක් වාර්තා වී තිබෙනවා.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වශයෙන් හඳුනාගෙන ඇත්තේ පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන ආශ්‍රිතව බවද වෛද්‍ය කන්නන්ගර මහතා පෙන්වා දුන්නා.
මේ තත්ත්වය හමුවේ අද සිට ලබන 10 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 14ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය කරමින් විශේෂ ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.
මෙහිදී නිවාස, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන, කර්මාන්තශාලා, වැඩබිම්, හිස් ඉඩම් සහ අධි අවදානම් කලාප පරීක්ෂාවට ලක්කරන අතර, මදුරු බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය පියවර ගැනීම ද සිදු කෙරෙනු ඇතියි.