මුළු රටම කැළඹූ මේ සොරකම පිටුපස පිටස්තරයෙක් විතරක්ම නෙවෙයි, බැංකුවේම ඇතුළේ කෙනෙක් ඉන්නවාද කියන සැකය දැන් පොලිසියට තදින්ම මතු වෙලා.
වැඩේ කොච්චර බරපතළද කියනවා නම්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු නියෝගයෙන් මේ වනවිට විමර්ශන කටයුතු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දීලා ඉවරයි.
ගොඩක් වෙලාවට චිත්‍රපටවල දකින විදියේ සැලසුම්සහගත කොල්ලයක් තමයි මේක. ජූනි 03 වැනිදා දහවල් 02.50ත් 02.55ත් අතර ගෙවී ගිය ඒ කෙටි විනාඩි 5 ඇතුළත තමයි මුළු සෙල්ලමම සිද්ධ වෙලා තියෙන්නේ.
බැංකුවේ සේවා මධ්‍යස්ථාන දෙකකට අරන් යන්න ලෑස්ති කරපු, රුපියල් 5000 නෝට්ටුවලින් පිරුණු "ලා ක්‍රීම් පාට" රෙදි මලු දෙකක් අරගෙන සහකාර කළමනාකරු බැංකු පරිශ්‍රයට බැහැලා තියෙනවා. ආරක්ෂක නිලධාරීන් දෙන්නෙකුත් ලඟ ඉඳලා තියෙනවා. හැබැයි පුදුමයකට වගේ, පා ගමනින් ආපු එකම එක පුද්ගලයෙක් මේ ආරක්ෂකයෝ සහ සහකාර කළමනාකරු ඉස්සරහදීම මුදල් මලු දෙකත් උදුරගෙන අතුරුදන් වෙලා!
මේ සිද්ධියෙන් පස්සේ ආරක්ෂක නිලධාරීන් වහාම කළමනාකරුට තොරතුර කියනවා. කළමනාකරු දිවගෙන එළියට ඇවිත් බැලුවත්, අවට කිසිම සැකකටයුතු කෙනෙක් පෙනෙන්න ඉඳලා නැහැ. ඊටපස්සේ තමයි 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දීලා තියෙන්නේ.
"සේප්පුවෙන් සල්ලි ගන්න එක CCTV එකේ තියෙනවා... හැබැයි එළියට යන දොර ළඟ කැමරා නැහැ!"
පොලිස් පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙන විදියට සහකාර කළමනාකරු සේප්පුවෙන් සල්ලි ගන්න දර්ශන බැංකුවේ ඇතුළේ කැමරාවල පැහැදිලිවම තියෙනවා. හැබැයි කොල්ලය සිදුවූ බැංකු පරිශ්‍රයෙන් පිටවෙන දොර පැත්තේ බැංකුවෙන් CCTV කැමරාවක් සවිකරලා නැහැ! ඒ විතරක් නෙවෙයි, අවට පරිශ්‍රයේ තිබුණු කිසිම පිටස්තර CCTV කැමරාවකවත් සල්ලි මලුත් අරන් දුවන මෙන්න කියන්න සැක කටයුතු පුද්ගලයෙක් සටහන් වෙලා නැහැ.
හොරණ නගරය වගේ ජනාකීර්ණ තැනක දහවල් කාලයේ කෝටි තුනහමාරක් අරන් දුවන මිනිහෙක්ව එකම එක කැමරාවකටවත් අහුනොවුණේ කොහොමද?
මේ සැකය නිසාම සල්ලි මලු භාරව හිටපු සහකාර කළමනාකරුව පොලිසියට අරන් ගිහින් පැය ගණනාවක් තිස්සේ දිගින් දිගටම ප්‍රශ්න කරලා තියෙනවා. හැබැයි ඔහුගෙන් තවමත් විමර්ශනවලට උදව් වෙන කිසිම වැදගත් හෝඩුවාවක් හොයාගන්න ලැබිලා නැහැ කියලයි ආරංචි වෙන්නේ.
බැංකුවේ ඇතුළේම කෙනෙක් සැලසුම දීලා, කැමරා නැති තැනින්ම වැඩේ ගැහුවද? නැත්නම් මේක පිටස්තරයෙක් කරපු මැජික් එකක්ද?
සත්‍යය ඉක්මනින්ම හෙළිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. අලුත්ම තොරතුරු ලැබුණු සැනින් ලඟදීම බලාපොරොත්තු වන්න!