මෙන්න දැන් ඔහු මුළු ලෝකයම මවිත කරමින්, මිනිස් ඉතිහාසයේ මෙතෙක් කිසිම මිනිසෙකුට ළඟා විය නොහැකි වූ දැවැන්තම මූල්‍ය කිරුළ තමන් සතු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ වෙන කිසිවක් නෙවෙයි, ඊලෝන් මස්ක් ලොව පළමු "ට්‍රිලියනපතියා" (Trillionaire) බවට පත්වීමේ ඓතිහාසික පුවතයි..
ඊලෝන් මස්ක්ගේ මේ හදිසි ධන උල්පත පෑදුණේ ඔහුගේ සුප්‍රසිද්ධ අභ්‍යවකාශ සමාගම වන SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට (Stock Market) ඇතුළත් කිරීමත් සමඟයි. සමාගමේ කොටස් (Shares) ආරම්භයේදීම ඇමරිකානු ඩොලර් 150 කින් පටන් අරන්, ඇසිපිය හෙලන සැණින් ඇමරිකානු ඩොලර් 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට SpaceX සමාගම තමන්ගේ පළමු මහජන කොටස් නිකුතුවෙන් (IPO) පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 75 ක් රැස් කරමින් ලෝක වාර්තාවක්ද තබා තිබෙනවා.
SpaceX ආයතනයේ ඔහු සතු කොටස්වල වටිනාකම ඇතුළු අනෙකුත් වත්කම් රොකට් වේගයෙන් ඉහළ යාමත් සමඟ, ඔහුගේ සමස්ත වත්කම් වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක් (ඩොලර් 1,100,000,000,000) ඉක්මවා ගොස් ඇති බවයි ආර්ථික විශේෂඥයන් ගණනය කරලා තියෙන්නේ.
ලෝකයේ දියුණුම රටවල් කිහිපයක සමස්ත දේපළවලටත් වඩා වැඩි වත්කමකට දැන් මේ එකම එක මිනිසා හිමිකම් කියනවා. රොකට් යවලා ලෝකයම හොල්ලපු මස්ක්, දැන් සල්ලි වලින් මුළු ලෝකයම තමන්ගේ අතට ගෙන අවසන්.
මුලාශ්‍රය: Al Jazeera