කාලගුණ වාර්තා වලට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට එක දිගට කඩා හැලෙන, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන අතිශය තද වැසි ඇති විය හැකි බවටයි අනතුරු අඟවන්නේ.
වැස්ස විතරක් නෙමෙයි, මේ දිනවල ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇඟ කිලිපොලා යන විදියේ තද සුළං සහ දරුණු අකුණු අනතුරු පවා සිදු විය හැකි බවයි වාර්තා වෙන්නේ.
ඒ නිසා අකුණු මඟින් සිදු විය හැකි ජීවිත හානි සහ අනතුරු අවම කර ගැනීමට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුළු මහත් ජනතාවගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.