නිකන්ම නිකන් ලස්සන රූපයක් විතරක් නෙවෙයි, ඕනෑම චරිතයකට අනුගත වෙන්න පුළුවන් උපරිම රංගන හැකියාවකුත් තියෙන නිසා ඇය ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ ආදරය නිතරම දිනාගෙන ඉන්නවා.
ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ලොකුවට කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ශෙහානි මුහුණුපොතට එක්කරලා තිබුණු අලුත්ම ඡායාරූප එකතුවක් ගැනයි. නිතරම අලුත් විලාසිතාවලින් රසිකයෝ අතරට එන ඇය, මේ පාර නම් කරලා තියෙන්නේ කවුරුත් නොහිතපු විදිහේ අමුතුම වෙනසක්!
මේ අලුත්ම රූ පෙළ දැක්කම ඕනෑම කෙනෙක්ට එකපාරටම හිතෙන්නේ මේ ඉන්නේ දකුණු ඉන්දීය කොලිවුඩ් සිනමාවේ ඉන්න අලුත්ම දෙමළ නිළියක් කියලයි. ඒ තරමටම ඇය මේ සාරියෙන් හැඩවෙලා ඉන්න විදිහ අපූරුයි. ඇයටම ආවේණික වුණු අහිංසක හිනාවත් එක්ක, සාරියට ගැළපෙන ආභරණ සහ මේකප් එක නිසා ඇගේ සුන්දරත්වය තවත් දෙගුණ තෙගුණ වෙලා පේනවා.
මේ ඡායාරූපවල තියෙන විශේෂත්වය තමයි ඇගේ ලාලිත්‍යය වගේම ඊටම මුසුවුණු අපූරු සරාගී පෙනුම. සාරියක් ඇන්දම කාන්තාවකට ලැබෙන ඒ ගාම්භීර පෙනුමත් එක්ක, ශෙහානිගේ මේ අලුත් ලුක් එකට කොල්ලො නම් පිස්සු වැටිලා ඉන්නවා කිව්වොත් ඒකෙ කිසිම වරදක් නෑ. ඇත්තටම මේක මෑතකදී අන්තර්ජාලයට ආපු ලස්සනම වගේම ආකර්ෂණීයම ඡායාරූප එකතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.