පුංචි තිරය වගේම රිදී තිරය හරහා නිරන්තරයෙන්ම රසිකයන් හමුවට එන ඇය, මේ දවස්වල කාගෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා තියෙනවා.
ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, හිරු ටීවී ඔස්සේ විකාශය වන අතිශය ජනප්‍රිය 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කරන චරිතය නිසයි. ඇයගේ අපූරු රංගන දක්ෂතාවය නිසාම ඉතාම කෙටි කලකින් රසික හදවත් සොරාගන්න ඇයට හැකි වුණා.
රංගනයෙන් වගේම රූපයෙන්ද හැඩකාර ඇය, පසුගියදා ඇයගේ නිල මුහුණුපොතට අපූරු ඡායාරූප එකතුවක් එකතු කර තිබුණා. නෙත් අදහාගත නොහැකි තරම් ආකර්ෂණීය සහ ලස්සන විලාසිතාවලින් සැරසී සිටින ඇයගේ මේ අලුත්ම ෆොටෝ ශූට් එක රසිකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.
සමාජ මාධ්‍ය උඩුයටිකුරු කළ, රසික නෙත් සිත් වසඟ කළ පියුමාලිගේ ඒ අලුත්ම පින්තූර එකතුව මෙන්න. ඔයාලත් බලන්නකෝ පියුමාලිගේ මේ අලුත් පෙනුම කොහොමද කියලා...
