පසුගියදා හොරණ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව මධ්‍යයේ, ජීවනෝපාය සඳහා පාරක් අයිනේ හඳුන්කූරු අලෙවි කරමින් සිටි ආබාධිත පියෙකු සිය විශේෂිත වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් දැඩි ලෙස අසරණ වී තිබුණා. මහා වැස්සට තෙමෙමින්, තමන්ගේ වාහනයත් ක්‍රියා විරහිත වී, කරකියා ගත හැකි දෙයක් නොමැතිව ඒ අසරණ තාත්තා මහ මඟ අතරමංව සිටි මොහොතක් එය.
නමුත් ඒ අසලින් ගමන් කළ පාසල් සිසුන් කිහිපදෙනෙකුගේ ඇස ගැටුණේ මේ අවාසනාවන්ත දසුනයි. බොහෝ දෙනෙක් වැස්සෙන් බේරෙන්න දුවද්දී, මේ ගුණගරුක දරුවන් පිරිස වැස්ස ගැන නොතකා වහාම ක්‍රියාත්මක වී තිබෙනවා.
ඔවුන් සියල්ලන්ම එකතු වී අසරණ පියාගේ වාහනය පාරෙන් අයින් කර, වැස්සේම තෙමෙමින් එහි තිබූ දෝෂය සොයා බලා එය සාදා දීමට කටයුතු කර තිබුණා.
ජීවිතය ගැටගසා ගැනීමට මහා සටනක් දෙන මේ ආබාධිත තාත්තාට, ඒ මොහොතේ මේ දරුවන් කළ උපකාරය වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් මහා මෙහෙවරක් වුණා. තමන් වෙනුවෙන් වැස්සේ තෙමෙමින් වාහනය හදන දරුවන් දෙස ඒ පියා බලා සිටියේ දෑස්වල පිරුණු කෘතඥතා පූර්වක කඳුළු බින්දු සමඟයි.
ඇත්තටම අද වැනි යුගයක අපේ රටට අවශ්‍ය කරන්නේ මෙන්න මෙවැනි උදාර ගතිගුණ ඇති දරුවන්ය.
මුහුණු පොත ඇසුරෙන්