මන්ත්‍රීවරයාට දැඩි ලෙස අපහාස වන අයුරින් සකස් කරන ලද විශාල කටවුට් පුවරුවක් ගුරුනගර් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ අතර, විශේෂම කාරණය වන්නේ එම පුවරුවට සෙරෙප්පු මාලයක්ද පලඳවා තිබීමයි.
දේශපාලන කරළියේ කාගේත් අවධානය දිනාගත් මෙම අසාමාන්‍ය සහ අපහාසාත්මක පුවරුව පිළිබඳව සැලවූ වහාම මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා එම ස්ථානයට පැමිණ තිබෙනවා.
පසුව වෙනත් කිසිවෙකුගේ සහයක් නොමැතිව, මන්ත්‍රීවරයා විසින්ම එම අපහාසාත්මක කටවුට් එක සහ සෙරෙප්පු මාලය ගලවා ඉවත් කරන අයුරු එහි සිටි පිරිස් විසින් වීඩියෝ ගත කර තිබුණා. එලෙස ගලවාගත් පුවරුව මන්ත්‍රීවරයා විසින්ම සිය වාහනයට දමාගෙන එම ස්ථානයෙන් පිටව යන අයුරුද එම වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැකගත හැකියි.