පුංචි තිරය හරහා වගේම රිදී තිරය හරහාත් ආලින්දයට පැමිණෙන ඇය, තමන්ගේ අපූර්ව රංගන පරාසය නිසාම ප්‍රේක්ෂක හදවත් දිනාගන්නට සමත් වුණා.
රංගනයට පමණක් නොවෙයි, ඇය තමන්ට පණ වගේ ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙනුත් කාලය වෙන් කරන්න කිසිවිටකත් අමතක කරන්නේ නැහැ. ඒ නිසාම ඇය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවන් හරහා රසිකයන් සමඟ ඉතාමත් සමීපව සහ සුහදව කටයුතු කරනවා. තමන්ගේ ජීවිතයේ සුන්දර අවස්ථාවන්, අලුත් මතකයන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිළිණ කරන්න ඇය නිතරම උත්සුක වෙනවා.
ඔන්න ඉතින්, මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ පාරත් ඇයගේ මුහුණුපොත හරහා හරිම අපූරු, ලස්සන ඡායාරූප එකතුවක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් බෙදාහදාගෙන තිබුණා. වෙනස්ම විලාසිතාවකින් සහ දෑසට ප්‍රිය උපදවන සුන්දර සිනහවකින් හැඩවුණු ඇයගේ මේ අලුත්ම පින්තූර පෙළ දුටු රසිකයන් නම් ඇයට සුබපැතුම් සහ ආදරය වස්සන්නට පටන් අරන්.
සුවහසක් රසිකයන්ගේ ආකර්ෂණය දිනාගත්, තාරුකාගේ ඒ සුන්දර සේයාරූ එකතුව පහතින් නරඹන්නකෝ...
