ඒ උදෑසන සම්බුද්ධ පූජාවෙන් අනතුරුවයි.
එහිදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ බිබිල, මැදගම, නක්කල නගර ඔස්සේ ඓතිහාසික යුදගනාව රජමහා විහාරය දක්වා වැඩම කරවීමට නියමිතයි.
එහිදී දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වෙන අතර එම අතරතුර කාලයේ සැදැහැවතුන්ට සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට අවස්ථාව පවතිනවා.
පසුව සර්වඥ ධාතූන් වහන්සේ යළි වැඩම වන රථ පෙරහැර වැල්ලවාය, තණමල්විල, උඩවලව නගර ඔස්සේ පල්ලෙබැද්ද සංඛපාල රාජමහා විහාරය වෙත වැඩම කෙරෙන අතර හෙට පහන් වනතුරුම එම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව උදාකර දෙන හිරු උත්තම ධාතු වන්දනාව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහියංගන පුදබිමේදී ආරම්භ කෙරුණේ පසුගිය ඉරිදායි.
ඊයේ එහි දෙවන දිනය වූ අතර මේ හිරු උත්තම ධාතු වන්දනාවට පැමිණ සිටින සැදැහැවතුන් දැක්වූ අදහස්.