ගාල්ල, ප්‍රසිද්ධ කොග්ගල ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අද (21) උදෑසන ඉතාමත් අවාසනාවන්ත ලෙස දියේ ගිලී අනතුරට ලක් වෙලා තියෙනවා..
දිය නෑමට ගිය අවස්ථාවේදී ඇති වූ බිහිසුණු දිය සුළියකට හෝ අනපේක්ෂිත ගැඹුරකට හසුවීමෙන් මේ දෙදෙනාම දියේ ගිලී ඇති අතර, එහිදී එක් අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම ස්ථානයේ සිටි පිරිස් සහ ප්‍රදේශවාසීන් එක්ව අනෙක් පුද්ගලයා බේරාගැනීමට උපරිම උත්සාහයක් දැරුවත්, ඔහු මේ වන විටත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වෙන්නේ. අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා මේ වන විටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.