පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත්, සමාජ මාධ්‍ය හරහාත් නිරන්තරයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නා මාෂිට අද දවස ඉතාමත් සුවිශේෂී දවසක්.
ඒ, ඇගේ ආදරණීය මෑණියන්ගේ උපන්දිනය අදට යෙදී තිබීම හේතුවෙන්.
තමන්ගේ ජීවිතයේ සෙවණැල්ල වන් වූ ආදරණීය අම්මාගේ උපන්දිනය වෙනුවෙන් මාෂි ඇගේ මුහුණු පොතට හරිම අපූරු, ආදරණීය ඡායාරූප එකතුවක් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ. ඒ පින්තූර පෙළත් එක්කම, කාගේත් හිත් උණු කරන, දෑසට කඳුළු උනන ඉතාමත් සංවේදී ආදරණීය සටහනක්ද ඇය තබා තිබුණා.
"සුභ උපන්දිනයක් මගේ අම්මි!
ඔයාගේ මහන්සිය, කැපකිරීම් සහ කොන්දේසි විරහිත ආදරය අපේ ජීවිත මේ තරම් ලස්සන කළා. අපේ ශක්තිය වුණාට සහ අපව මේ තරම් හොඳින් හැදුවාට බොහොම ස්තූතියි. ඔයා ලෝකයේ ඉන්න වඩාත්ම ආදරණීය සහ අපූරු "අච්චු අම්මි". ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න අපි ඇත්තටම වාසනාවන්තයි. ඔයාට නිදුක් නීරෝගී සුවය, සතුට සහ ඔයා සුදුසු හැම ආදරයක්ම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...
අපි ඔයාට ගොඩක් ආදරෙයි අම්මීීී!"
මාෂි ඇගේ ආදරණීය අම්මා වෙනුවෙන් තැබූ ඒ සුන්දර සේයාරූ පෙළ පහතින්..
