Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
20
කැනඩා හීන මවා ඇයගෙන් කෝටි ගණනක් වංචා කළ ඔහු තිදරු පියෙක් බවට හෙළිවෙයි.. අනග වෙස් ගෙන රට වටේම කතුන් ‍රැවටූ තෙල්දෙණිය සිද්ධියේ සැකකරු ගැන වෙනස්ම අනාවරණයක්..

- කැනඩා හීන මවා ඇයගෙන් කෝටි ගණනක් වංචා කළ ඔහු තිදරු පියෙක් බවට හෙළිවෙයි.. අනග වෙස් ගෙන රට වටේම කතුන් ‍රැවටූ තෙල්දෙණිය සිද්ධියේ සැකකරු ගැන වෙනස්ම අනාවරණයක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

369 Views

තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක අබිරහස් අන්දමින් අතහැර දමා තිබූ මෝටර් රථයක තිබී ශ්‍යාමාගේ මළ සිරුර පොලිසිය විසින් සොයා ගෙන තිබුණේ ඉකුත් 17 වැනිදා සවස් කාලයේදීයි. 


පසුව ඒ ගැන අහන්න ලැබුණු සිදුවීම් එක්ක මෙය මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.

භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වී සිටින ඇගේ පෙම්වතා බව කියන තරුණයා රට පුරා තරුණියන් රැසක් රවටා විවාහ පොරොන්දු දී මුදල් වංචා කළ විවාහක තිදරු පියකු බව විමර්ශන වලින් අනාවරණය වී ඇති බවයි.

මොහුට එරෙහිව රහස් පොලිසියේ ඇතුළු පොලිසි කීපයක පැමිණිලි තිබෙන බව ද පොලිසිය පවසනවා.

මෙම සැකකරු භෞත චිකිස්සකවරිය ද රවටා ඇයට ද විවාහ පොරොන්දු දී කැනඩාවේ පදිංචියට යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට යැයි කියමින් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ඇයගෙන් ද ලබා ගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම මුදල් භෞත චිකිස්සකවරිය විසින් බැංකු රැසකින් සහ තම හිතවතුන්ගෙන් ණයට ලබා ගෙන ඇති අතර ඒ සියල්ල පෙම්වතා යැයි කියාගත් සැකකරුට ලබාදී ඇත්තේ කැනඩාවේ පදිංචියට යෑමට සිහින මවමින්.

එහෙත් සැකකරු එම මුදල් ලබාගෙන රිසිසේ ඒවා වියදම් කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති අතර, කැනඩා සිහිනය බොඳවීමෙන් පසු දැඩි චිත්ත පීඩාවට ලක් වී ඇති භෞත චිකිස්සකවරිය තමන් ලබාගත් ණය මුදල් ගෙවා ගතනොහැකිව සිය ජීවිතයට හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.

මෙම භෞතචිකිස්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වී සිටින ඇගේ පෙම්වතා යැයි කියා ගත් තරුණයා මේ වන විට අතුරුදන්ව ඇති අතර පොලිස් කණ්ඩායම් 3 ක් ඔහු සොයා විමර්ශන පවත්වා ගෙන යනවා.

මෙම සැකකරු රටින් පිටවීම වැළැක්වීම සඳහා විදේශ ගමන් තහනමක් ද පොලිසිය විසින් මේ වන විට ලබා ගෙන තිබෙනවා.

විමර්ශන වලින් හෙළි වී ඇති අන්දමට ශ්‍යාමා නමැති 33 හැවිරිදි භෞතචිකිස්සකවරිය මෙම සැකකරු දැන හඳුනාගෙන ඇත්තේ මීට මාස 08 කට පමණ උඩදීයි.

සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස පෙනී සිට ඇති අතර, ශ්‍යාමාට විවාහ පොරොන්දු ලබාදී ඇය සමග ඉතා සමීප ඇසුරක් පවත්වා ඇති මොහු ඇයට කැනඩාවේ පදිංචියට යෑමට ඇරයුම් කර තිබෙනවා. විවාහ වීමෙන් පසු කැනඩාවේ පදිංචියට යෑමට සැලසුම් කර ඇති බව පවසමින් සැකකරු ශ්‍යාමාගෙන් වරින් වර මුදල් ලබා ගෙන තිබෙනවා.

ශ්‍යාමා ද කැනඩා යෑමට සිහින මවමින් බැංකු රැසකින් සහ තම හිතවතුන්ගෙන් ඉල්ලා ගත් රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වරින් වර ඔහුට ලබාදී ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.

කැනඩා සිහිනය දිනෙන් දින කල් යෑම නිසා කෝපයට පත් ශ්‍යාමා මෙම සැකකරු සමග නිතර ආරවුල් ඇතිකර ගෙන තිබෙනවා.
සැකකාර පෙම්වතා තමාට වංචා කිරීම නිසා දැඩි ලෙස චිත්ත පීඩාවට පත්ව සිටි ශ්‍යාමා දින 4ක් තිස්සේ නිරාහාරව එහි සිට තිබුණා.
ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව දැඩි ලෙස අසහනයට පත්ව සිටි ඇය මේ පිළිබඳව සිය සොහොයුරුට පවසා ඇති අතර, ශ්‍යාමාගේ සොහොයුරු මේ පිළිබඳව දුරකථනයෙන් නුවරඑළිය පොලිසියට ද දැනුම් දීමක් කර තිබුණා.

මේ අතර ඉකුත් 16 වැනිදා සවස පෙම්වතා නුවරඑළියේ පිහිටි මහල් නිවාසය වෙත පැමිණ ශ්‍යාමා ඉන් රැගෙන ගොස් ඇත්තේ එහි කුලිය ද ගෙවා දැමීමෙන් අනතුරුවයි.

පොලිසිය පවසන්නේ දින ගණනක් තිස්සේ නිරාහාරව සිටීම නිසා ශ්‍යාමාගේ ජීවිතයට අනතුරක් සිදුවන්නට ඇති බවයි.

එහෙත් ඇය මියගිය ආකාරය පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු හෙළි වී නැහැ.

සැකකාර පෙම්වතා මේ ආකාරයට රට පුරා තරුණියන් රවටා ඔවුන්ට විවාහ පොරොන්දු දී වංචනික ලෙස මුදල් ලබා ගෙන ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

මෙම තරුණියගේ පෙම්වතා ලෙස සිටි බව කියන තරුණයා තට්ට හිසක් ඇති අයෙකු බවත් ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රැවටීමට ක්‍රියාකර ඇති බවද කියනු ලබනවා.

නුවර එළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top