හැබැයි සමහර දක්ෂතාවයන් තියෙනවා, ඒක දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිත මොහොතකට නතර වෙනවා. මේ කියන්න යන්නෙත් තමන්ගේ උපන් හපන් හැකියාවෙන් මුළු පාසල් බිමක්ම, ඇයි මුළු සෝෂල් මීඩියාවම එකම ආදරණීය නාදයකින් සසල කරපු අපූර්ව පාසල් සිසුවෙක් ගැනයි.
පසුගිය දිනක සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණු එක්තරා වීඩියෝවක් කාගේත් නෙත් සිත් ඇදගන්නට සමත් වුණා. ඒ පුංචි පුතෙක්, තමන්ගේ පාසලේ උදෑසන රැස්වීම් වාරය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මිහිරි බටනලා වාදනයකින් හැඩ කරන අපූර්ව දර්ශනයක්.
ඔහු තෝරාගෙන තිබුණේ අපේ රටේ සදාකාලික අමරණීය ගීතයක් වන, "අන්දර යායේ වැව් තාවුල්ලේ..." ගීත තනුවයි.
ඒ පුංචි ඇඟිලි තුඩුවලින් බටනලාවේ සිදුරු අතරින් මතු වුණු නාදය කොයිතරම් සජීවීද කියනවා නම්, පාසල් බිමේ සිටි ගුරුවරුන්, සිසුන් වගේම මේ වීඩියෝව නරඹන ඕනෑම කෙනෙකුව මොහොතකට ගැමි වැව් තාවුල්ලක් ළඟට, අන්දර යායක් මැදට රැගෙන යන්නට ඒ වාදනය සමත් වෙනවා. කිසිම චකිතයක් නැතුව, තමන්ගේ මුළු හදවතින්ම ඒ ගීතයේ හැඟීම බටනලාව ඇතුළට මුසු කරලා ඔහු කරපු මේ වාදනය සැබවින්ම දේව දායාදයක්...