මෙවර විශේෂත්වය වන්නේ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් අතර මෙම මාරාන්තික රෝගය පැතිර යාමේ ඉතාමත්ම ඉහළ අවදානමක් මතු වී තිබීමයි. මීට බලපා ඇති ප්‍රධානතම හේතුව ලෙස සෞඛ්‍ය අංශ දැඩිව පෙන්වා දෙන්නේ පිරිමි පුද්ගලයන් අතර සමලිංගික සබඳතා ඉහළ යාමයි.
2023, 2024 සහ 2025 යන මෑත වසරවල දත්ත පරීක්ෂා කිරීමේදී, මෙරටින් වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් නොව, ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
පිරිමි සහ ගැහැණු පාර්ශවයන් අතර මෙම රෝගය ව්‍යාප්ත වීමේ අනුපාතය සසඳා බැලීමේදී, පිරිමින් අතර ආසාදිතයන් වාර්තා වීම කිසිදා නොවූ විරූ තරම් ඉහළ අගයක් ගෙන ඇති බවයි එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.
මෙම දත්තවලට අනුව වැඩිම HIV ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලිනි. මෙම දිස්ත්‍රික්ක දෙකෙහි,
ඉහළ ජනගහන ඝනත්වයක් පැවතීම
රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා නිතර සංක්‍රමණය වන විශාල ජනගහනයක් ජීවත් වීම
යන කරුණු මෙම රෝග ව්‍යාප්තිය වේගවත් වීමට සෘජුවම බලපා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
දිනෙන් දින සමාජය තුළ ව්‍යාප්ත වන මෙම බිහිසුණු තත්ත්වය පිළිබඳව ඔබත් අදම දැනුවත් වන්න.