සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (13) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මෙම සංඛ්‍යාලේඛන සහ තොරතුරු අනාවරණය කරනු ලැබුවා.
සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දෙන්නේ, පිරිමි පුද්ගලයන් අතර සමලිංගික සබඳතා (MSM) ඉහළ යාම මෙම මාරාන්තික රෝග අවදානම ශීඝ්‍රයෙන් වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
රට තුළ සාමාන්‍යයෙන් වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව දැන් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම 2023, 2024 සහ 2025 යන මෑතකාලීන වසරවල දත්ත දෙස බැලීමේදී ආසාදිතයන් වාර්තා වීම වේගයෙන් ඉහළ ගොස් ඇති බවයි බලධාරීන් පවසන්නේ. පිරිමි සහ ගැහැණු පාර්ශවයන් අතර මෙම රෝගය ව්‍යාප්ත වීමේ අනුපාතය සැසඳීමේදී, පිරිමින් අතර ආසාදිතයන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස සහ අදහාගත නොහැකි ලෙස ඉහළ අගයක පවතිනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පිරිමි පුද්ගලයන් අතර වැඩි වශයෙන් HIV ආසාදිතයන් වාර්තා වන බවයි. මෙම දිස්ත්‍රික්කවල පවතින අධික ජනගහනය මෙන්ම, රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා නිතර සංක්‍රමණය වන ජනගහනයක් ජීවත් වීම මීට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.