මුළු රටක් ආදරය කළ ඇගේ සමුගැනීමෙන් පස්සේ මතු වුණු මේ පින්තූරය දකින කාගේ වුණත් ඇසට කඳුළක් උනන එක නම් නතර කරන්න බැහැ.
මේ අපූරු අතීත මතකයේ සටහන් වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. මෙලොවින් සමුගත් මරියසෙල් ගුණතිලක මහත්මිය තමන්ගේ ආදරණීය පුතණුවන් සමඟ ඉතාම ළඟින් සිටින සුන්දර මොහොතක්.
මෙම පින්තූරයත් සමඟ සමාජ මාධ්‍යයේ සටහන් වෙලා තිබුණේ කාගේත් හදවත කම්පා කරවන අපූරු වදනක්...
"මෙලොවින් සමුගත් මරියසෙල් ගුණතිලක මහත්මිය පුතු සමඟින්.. මේ තමයි එයා කිව්ව සිහින නෙළුම් මල.."
මරියසෙල් ගුණතිලක මහත්මියගේ හඬින් ගැයුණු, එදා මෙදාතුර ලාංකීය ජනතාවගේ හදවත් සසල කළ ජනප්‍රියතම ගීතයක් වන "සිහින නෙළුම් මල් " ගීතයෙන් ඇය අර්ථවත් කරන්නට ඇත්තේ සිය පුතු ගැන වෙන්න පුළුවන්...