Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
13
සකර්බර්ග්ට සහ ගූගල් සමාගමට ඓතිහාසික පරාජයක්... AI මොළයෙන් දිනූ දැවැන්ත නඩුව මෙන්න.

- සකර්බර්ග්ට සහ ගූගල් සමාගමට ඓතිහාසික පරාජයක්... AI මොළයෙන් දිනූ දැවැන්ත නඩුව මෙන්න.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

411 Views

අද කාලේ පොඩි එවුන්ගේ ඉඳන් ලොකු අය වෙනකම් හැමෝම ෆෝන් එකේමයි නේද?

හැබැයි මේ ඇබ්බැහිය නිකම්ම හැදුණු එකක් නෙවෙයි, මේ දැවැන්ත සමාගම් දැනුවත්වම කරපු සෙල්ලමක් කියලා දැන් උසාවියෙන්ම ඔප්පු වෙලා ඉවරයි. ලෝක ප්‍රකට මෙටා සහ ගූගල් සමාගම්වලට එරෙහිව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් අධිකරණයකින් දුන් ඓතිහාසික නඩු තීන්දුවක් නිසා මුළු තාක්ෂණික ලෝකයම මේ වෙද්දී උඩුයටිකුරු වෙලා!

මේ නඩුවේ පැමිණිලිකාරිය වුණේ වයස අවුරුදු 20ක කේලි කියන තරුණියක්. ඇය වයස අවුරුදු 6 ඉඳන් යූටියුබ් එකටත්, වයස අවුරුදු 9 ඉඳන් ඉන්ස්ටග්‍රෑම් එකටත් දැඩි ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඇය දවසකට පැය 16ක් විතර මේ සමාජ මාධ්‍යවල ගතකරලා තියෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඇය දරුණු මානසික අවපීඩනය, කාංසාව සහ සිරුර ගැන වැරදි මානසිකත්වයකට ගොදුරු වෙලා.

ප්‍රකට ඇමරිකානු නීතිඥ මාර්ක් ලැනියර් ගොනු කළ මේ නඩුවෙන් ජූරි සභාව නියෝග කරලා තියෙන්නේ කේලිට ඇමරිකානු ඩොලර් මිලියන 6ක (රුපියල් කෝටි ගණනක) දැවැන්ත වන්දියක් ගෙවන්න කියලයි.

මෙයින් 70%ක වගකීම මාර්ක් සකර්බර්ග්ගේ මෙටා  සමාගම ගෙවිය යුතුයි.
ඉතිරි 30% ගූගල් සමාගම විසින් ගෙවිය යුතුයි.

මේ සමාගම්වල අභ්‍යන්තර රහස්‍ය ලේඛන උසාවියේදී එළියට දාපු නීතිඥවරයා පෙන්වා දුන්නේ, මේ ඇප්ස් නිකම්ම හදපු ඒවා නෙවෙයි කියලයි. ඒවා හරියට කැසිනෝවල තියෙන මනෝවිද්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරලා, පරිශීලකයින්ව දිගටම රඳවාගන්න හිතාමතාම නිර්මාණය කරපු "ඇබ්බැහි වීමේ යන්ත්‍ර" බව එතැනදී හෙළි වුණා. ඔවුන්ට ඕනේ වුණේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය නෙවෙයි, අතිදැවැන්ත ලාභයක් හොයන එක විතරමයි!

මේ නඩුවට සාක්ෂි දෙන්න මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවා උසාවියට ඇවිත් හිටියා. හැබැයි එතැනදිත් ලොකු නාඩගමක් වෙලා! සකර්බර්ග්ගේ බොඩිගාඩ්ස්ලා උසාවිය ඇතුළට ඇවිත් තියෙන්නේ කැමරා සවි කරපු 'Meta Ray-Ban' ස්මාර්ට් කණ්ණාඩි දාගෙන.

ජූරියේ අයව රහසින් රෙකෝඩ් කරලා එයාලව ඩිජිටල් නිරීක්ෂණයකට ලක් කරන්න හැදුවා කියලා පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයෝ කෑගහන්න ගත්තා. අන්තිමේදී විනිසුරුවරයාට සිද්ධ වුණා සකර්බර්ග්ගේ පිරිසට ඒ කණ්ණාඩි වහාම ගලවලා දාන්න කියලා තරයේ නියෝග කරන්න!

මේ දැවැන්ත සමාගම් දෙක පරද්දන්න නීතිඥ මාර්ක් ලැනියර් පාවිච්චි කරලා තියෙන්නේ වෙනස්ම උපක්‍රමයක්. ඔහු Gemini, Claude සහ ChatGPT වගේ උසස් AI තාක්ෂණයන් පාවිච්චි කරලා විශේෂ පද්ධතියක් හදාගෙන, ඒකෙන් ජූරියේ අයගේ මනෝවිද්‍යාත්මක තත්ත්වයන් විශ්ලේෂණය කරලා තමයි තමන්ගේ තර්ක ගොඩනගලා තියෙන්නේ.

මේ තීන්දුවත් එක්ක සමාජ මාධ්‍ය ලෝකයම දෙදරුම් කාලයි තියෙන්නේ. ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් මෙටා සහ ගූගල් සමාගම්වලට එරෙහිව තවත් නඩු 2,000කට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දීත් පෝලිමේ තියෙනවාලු. හැබැයි ලේසියෙන් අතහරින්න අකමැති මේ සමාගම් දෙක, මේ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන්න මේ වෙද්දීත් සූදානම් වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top