චීනයේ හෙන්ෂෝවු (Hengzhou) කලාපයට බලපෑ 'මේසැක්' (Maysak) සුළි කුණාටුව හේතුවෙන් හටගත් දරුණු ගංවතුර තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ස්වාභාවික ව්‍යසනයත් සමඟ කලාපය තුළ තවත් බියකරු මෙන්ම අසාමාන්‍ය තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. CNN පුවත් සේවයට අනුව, ප්‍රදේශයේ පිහිටි සර්ප ගොවිපළක් ගංවතුරට හසුවීම නිසා එහි සිටි අතිශය විෂ සහිත සර්පයන් 900කට ආසන්න සංඛ්‍යාවක් ගංවතුර ජලයේ මුදාහැරී නිදැල්ලේ සැරිසරමින් සිටිනවා.
මෙලෙස පැනගිය විෂපිටකරන සර්පයෙකු දෂ්ට කිරීම හේතුවෙන් ප්‍රදේශයේ කාන්තාවක මියගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර ඇති අතර, තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුම සර්ප දෂ්ටනවලට ලක්ව රෝහල්ගත කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
මේ හේතුවෙන් ගම්මානවල වැසියන්ට මෙම සර්පයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත්, ඔවුන් සිටින ඉසව්වලින් ඈත්ව සිටින ලෙසත් බලධාරීන් විසින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.