ඒ, මේ දවස්වල චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අපේ දක්ෂ යොවුන් මලල ක්‍රීඩිකා ජිත්මා විජේතුංග සමත් වීමත් එක්කයි.
ඇය මේ සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වට සහභාගි වෙමින්. මුළු තරගය පුරාම ඉතාමත් උණුසුම් මුහුණුවරකින් ධාවනයේ යෙදුණු ජිත්මා, තරගය නිමා කරන්න ගත කරලා තිබුණේ තත්පර 53.10ක වැනි සුපිරි කාලයක්.