ඒ අනුව, මෙවර අයවැය කතාව එළඹෙන නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
අයවැයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පෙළගැසෙන්නේ මෙන්න මෙහෙමයි...
සැප්තැම්බර් 18: විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම.
ඔක්තෝබර් 07: කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පළමුවර කියවීම සිදු කිරීම.
නොවැම්බර් 12: රටම බලාගෙන ඉන්න දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පැවැත්වීම.
නොවැම්බර් 13 සිට 20 දක්වා: අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
රටේ ඉදිරි ආර්ථික ගමන් මඟ තීරණය කරන මේ සුවිශේෂී අයවැය කතාවෙන් ජනතාවට ලැබෙන සහන මොනවාද? බදු සංශෝධන වෙන්නේ කොහොමද? කියන එක ගැන දැන් ඉඳන්ම හැමෝම දැඩි උනන්දුවකින් පසුවන බව රහසක් නෙවෙයි.