අප වෙත වාර්තා වන තොරතුරුවලට අනුව, තුවාල ලැබූ එම පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, සිදුවීමෙන් පසු ඔවුන් වහාම ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
සංවිධානාත්මකව සිදු වූවක්ද නැතහොත් වෙනත් පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.