මෙලෙස මියගොස් ඇත්තේ වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්. පොලීසිය පවසන්නේ මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය මැද පෙරළී ගොස් ඇති බවයි. එලෙස පෙරළී ගිය යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කාර් රථයක දරුණු ලෙස ගැටී තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් ගලගෙදර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිය පදවාගෙන ආ 22 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මේ වන විට මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.