ඒ ඇෆ්ගනිස්ථාන රාජ්‍යය සලිත කරමින් රික්ටර් මාපකයේ 6.2ක දැවැන්ත ප්‍රබලත්වයකින් යුත් මහා භූමිකම්පාවක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය විසින් තහවුරු කිරීමත් සමඟයි...
විදෙස් වාර්තාවලට අනුව මෙම බිහිසුණු භූමිකම්පාව සිදුව ඇත්තේ පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 215ක් තරම් ගැඹුරින්. භූමිකම්පාවේ ප්‍රබලත්වය කෙතරම්ද යත්, එහි දරුණු කම්පන තත්ත්වයන් ඇෆ්ගනිස්ථානයට පමණක් නොව අසල්වැසි උතුරු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකටම ඉතා තදින් දැනී ඇති බවයි වාර්තා වන්නේ.