ලංකාවේම මිනිස්සුන්ගේ ආදරය දිනාගෙන ඉඳලා, අපෙන් සමුගත්ත සද්දන්ත කුලයේ අභිමානය වුණු නැදුන්ගමුවේ රාජා ආයෙමත් දැකගන්න ලැබෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද?
ඔව්, හැබැයි මේ ඇත්තම ඇතා නෙවෙයි! බණ්ඩාරගම - කළුතර පාරේ තියෙන ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමයට ගියොත් හරියටම පණ තියෙනවා වගේ හදපු නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සුවිසල් අනුරුවක් ඔයාලට දැකබලා ගන්න පුළුවන්. මේක කොච්චර සජීවීද කියනවා නම්, දුර ඉඳන් බලද්දී ඇත්තටම නැදුන්ගමුවේ රාජා පන්සල් මිදුලේ ඉන්නවා වගේමයිලු පේන්නේ!
නැදුන්ගමුවේ රාජාගේ අනුරුව බලන ගමන්ම තවත් සුවිශේෂී දෙයක් මේ පන්සලේ ලෑස්ති කරලා තියෙනවා. මේ පාර ශ්‍රී පාද වන්දනාවේ යන්න බැරි වුණු අයට වඳින්න පුදන්න ලස්සන සිරිපා අනුරුවක් එතනම ප්‍රදර්ශනයට තියලා තියෙනවා.
මේ ගැන මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමයේ විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පන්නිල තිලක හාමුදුරුවෝ කිව්වේ, සැදැහැවත් ජනතාවට බොහොම පහසුවෙන් මේ අනුරූ දැකබලාගෙන වන්දනාමාන කරන්න දැන් සියලු කටයුතු සූදානම් කියලයි.
මේ අපූරු ප්‍රදර්ශනය අද (29) පොසොන් පෝය දවසේ ඉඳන් ලබන ජූලි 02 වෙනිදා වෙනකම්ම මහජනතාවට විවෘතව තියෙනවා.