හැබැයි මේ දවස්වල යුරෝපයට, විශේෂයෙන්ම ප්‍රංශයට නම් අත්විඳින්න වෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි විදිහේ මහා ඛේදවාචකයක්. මුළු ප්‍රංශයම හරියට ගිනි උදුනක් වගේ රත් වෙලා!
මේ දවස්වල ප්‍රංශය පුරාම පැතිරිලා තියෙන දරාගන්න බැරි දැඩි උෂ්ණත්වය (Heatwave) නිසා මිනිස්සුන්ට පාරට බහින්නවත් බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. දරුණුම කාරණාව ඒක නෙවෙයි, ප්‍රංශයේ මහජන සෞඛ්‍ය ඒජන්සියෙන් දෙන අලුත්ම වාර්තා අනුව මේ වෙද්දිත් 1,000කට ආසන්න පිරිසක් මේ දරුණු රස්නය නිසාම අකාලයේ ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන විදිහට මේක සාමාන්‍යයෙන් සිදුවන මරණ අනුපාතයට වඩා එකපාරටම කැපී පෙනෙන විදිහට ඉහළ ගිය මරණ සංඛ්‍යාවක් (Excess Deaths). මේ ඛේදවාචකයෙන් වැඩිපුරම ජීවිත අහිමි වෙලා තියෙන්නේ වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටයි. මේ දරාගන්න බැරි රස්නය වැඩිහිටියන්ගේ සිරුරු වලට ඔරොත්තු නොදෙන නිසා තමයි මේ විදිහට එකපාරටම මෙතරම් ලොකු මරණ ගාණක් වාර්තා වෙලා තියෙන්නේ.
තත්වය තවත් දරුණු වෙමින් පවතින නිසා මේ මරණ ගණන ඉදිරියේදී තවත් ඉහළ යන්න පුළුවන් කියලත් ප්‍රංශ බලධාරීන් දැඩි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.
බලද්දි ලෝකෙම කාලගුණයට මේ වෙන්නේ මොකක්ද කියලා හිතෙනවා නේද? ගෝලීය උණුසුම මේ විදිහට වැඩිවුණොත් ඉදිරියේදී අපිටත් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද?