මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටලා තියෙන, හැමෝම දන්න මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ඉඳන් තාවකාලිකව වසා තබන්න පියවර ගෙන තිබෙනවා.
මේ හරස් මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයට සරිලන විදිහට සුපිරි මට්ටමෙන් අලුත්වැඩියා කරන්නයි දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වෙන්නේ. වැඩේ ඉවර වුණාම වාහනවලටත් ලොකු පහසුවක් වෙයි.
පාර වහලා තියෙන්නේ කවදා ඉඳන් කවදා වෙනකම්ද?
වසා තබන වේලාව: අද (ජූලි 10) පස්වරු 06.00 සිට
නැවත විවෘත කරන වේලාව: ලබන ජූලි 13 වනදා (සඳුදා) පෙරවරු 04.00 දක්වා
මේ දවස් කිහිපය ඇතුළත ගැටඹේ - මහනුවර උඩ පාර සහ විලියම් ගොපල්ලව මාවත සම්බන්ධ කරන මුල්ගම්පොල හරස් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.
මේ කටයුත්ත නිසා ඒ අවට පාරවල්වල ලොකු වාහන තදබදයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රස්තියාදු වෙන්න අකමැති නම්, රථ වාහන තදබදයට අහුවෙන්නේ නැතුව ඔයාලගේ ගමන් බිමන් පහසු කරගන්න විකල්ප මාර්ග පාවිච්චි කරන්න කියලා දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.