තමන්ගේ අලුත්ම තොරතුරු වගේම ජීවිතයේ සුන්දර මතකයන් නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක බෙදාගන්න ශලනි, අපූරු ඡායාරූප එකතුවක් ඇගේ මුහුණුපොතට එකතු කරලා තිබුණා.
මේ පාර ශලනි ගිහින් තිබුණේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිම වන්දනාමාන කරන්න. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වෙන ඇගේ ලස්සන පින්තූර පෙළක් තමයි ඇය මෙලෙස පළ කරලා තිබුණේ.
ඒ විතරක් නෙවෙයි, මේ පින්තූරත් එක්ක හදවතට දැනෙන අපූරු සටහනක්ද ඇය තබන්න අමතක කරලා තිබුණේ නැහැ.
"ජීවිතයේ ලොකුම නිදහස ලැබෙන්නේ…
හැම දෙයක්ම පාලනය කරන්න උත්සාහ කරන එක නවත්තලා,
ඒ හැම දෙයක්ම මේ විශ්වයේ කැමැත්තට භාර දෙන දවසේ..
මල් පිපෙන්නේ හඬ නගලා නෙවෙයි…
ඒ වගේම ආත්මයත් සුව වෙන්නේ නිහඬව.
සන්සුන් හිතක් තුළින්ම…
විශ්වාසය මල් පිපෙනවා. "
ශලනි මුහුණු පොතට එකතු කළ පින්තූර ඔයාලත් බලන්නකෝ...