1998 වසරේ අදවන් දිනක ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාව වෙනුවෙන් උපදින හිරු අද සමස්ත ශ්‍රී ලංකාවේම මාධ්‍ය දර්ශනයයි.
සියල්ලට ඉහළින්, සියල්ල දකිමින්, සියලු තැන්හි සරනා හිරු සියලු මාධ්‍ය සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් ඉතා කෙටි කාලයක් තුළ ජනතාව අතර අංක එක බවට පත්වුණා.
සැමදා ජනතා ආශිර්වාදයෙන් මෙරට මාධ්‍යකරණය තුළ ඉහලින්ම වැජඹුණු හිරු මෙරට මාධ්‍යකරණයේ සියලු සමීක්ෂණ වාර්තා උඩුයටිකුරු කළා.
වර්තමානයේ සියලු ජාත්‍යන්තර සහ දේශීය සමික්ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් බැදී සිටින මාධ්‍ය ජාලය හිරු බව යලි යලිත් තහවුරු වී අවසන්.
මේ වනවිට අන්තර්ජාලයේ යූ ටියුබ්, ෆේස් බුක්, ටික් ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම්, එක්ස් ඇතුලු සියලු සමාජ මාධ්‍ය සමග බැදී වැඩිම පරිශීලකයන් හිරු සමඟ රැදී සිටිනවා.
ඒ, සැමදා මිනිසුන් වෙනුවෙන් කැපවූ හිරු ගේ වටිනාකම , තව තවත් අර්ථ ගන්වමින්. හිරු ගුවනේ...ටෙලිවිෂනයේ සහ අන්තර්ජාලයේ වාර්තා පිට වාර්තා තබන්නේ අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර නිර්මාණ රටට පිදූ නිසාවෙන්.
හිරු, මාධ්‍ය කලාවේ විශිෂ්ඨයා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙල සියල්ලේම අඛන්ඩව සැමදා සම්මානයට පාත්‍ර වුනේ හිරුට සම කිසිවක් මෙදියත නොමැති බැවින්.
අද වන විට ඒ අයි ඇතුළු නවීන තාක්ෂණය පවා නිවැරදිව මාධ්‍යකරණයට යොදා ගන්නා ශ්‍රී ලංකාවේ විශිෂ්ඨයා හිරුම පමණක් බව සම්මාන උළෙල ගණනාවකදීම තහවුරු වී අවසන්.
හිරු සංවිධාන කළ බොහෝ දේ අදටත් මෙරට මාධ්‍ය වංශ කතාව තුළ කිසිවෙකුට සම විය නොහැකි අත්දැකීම් හිරු මෙගා බ්ලාස්ට් ඇතුලු දිවයිනේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම්, දරුවන් වෙනුවෙන් වූ වැඩසටහන්, ඒ සියල්ල අතර වනවා.
හිරු ශාක්‍යසිංහ මංගල්‍යය, හිරු උත්තම ධාතු වන්දනාව, ශාසනාවතරණය, ශ්‍රද්ධාභිවන්දනා ඇතුළු වැඩසටහන් හරහා ආගමික චිරස්ථිතිය උදෙසා හිරු සිදුකරන මෙහෙවර කිසිවෙකුට සම කළ නොහැකියි.
ආරම්භයේ පටන්ම සුපැහැදිළි STEREO ශබ්ද තාක්ෂණයෙන් බලගැන්වෙමින් මාධ්‍ය අවකාශය තුළ හිරු සිය අණසක පැතිරුවා සේම සුපැහැදිළි HD තාක්ෂණයෙන් බලගැන්වී දිවයින පුරා පුළුල් ආවරණයකින් සන්නද්ධව හිරු TV විකාශන කටයුතු ආරම්භ කළේ FULL HD තාක්ෂණයෙන් සවිබලගැන්වූ මෙරට මාධ්‍ය ප්‍රථමයා බවට පත්වෙමින්.
දකුණු ආසියාවේ හොඳම අධි තාක්ෂණයෙන් යුත් බාහිර විකාශනාගාරය මෙන්ම, නවීනතම කැමරා, අධි තාක්ෂණික උපකරණවලින් සන්නද්ධ හිරු,, LIFE STUDIO මැදිරි සංකීර්ණයෙන්ද අද්විතීය වනවා.
ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශ කතාවේ වින්දනාධිපති වූ හිරු ටීවී මෙරට රියැලිටි ටෙලිවිෂන්කරණය ද උඩු යටිකුරු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතිගත රියැලිටිකරණයේ විප්ලවීය වෙනස හිරු ස්ටාර් ඇතුලු වැඩසටහන් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා වෙත ළඟාකළා.
දැනටමත් හිරු අතීතයට එක් කළ ඒ බොහෝ දෑ ඇතමුන්ට අද නැවුම් අත්දැකීම්.
ජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ජනතාවට සිදුවන අසාධාරණකම් හමුවේ ජනතාව වෙනුවෙන් සිටගනිමින් ඔවුන් වෙතටම ගොස් නිරන්තර ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන්නේ ඔබ අප පිළිබඳ තැබූ ඒ විශ්වාසය නිසාමයි.
ප්‍රවෘත්ති සන්නාමයන් අතර හිරු NEWS අංක එක බවට අඛණ්ඩව තහවුරු කළ ඔබේ ඒ විශ්වාසය අද ජනතාවගේ ප්‍රවෘත්ති පරමාදර්ශයයි.
මෙරට අංක එකේ රූපවාහිනී, ගුවන් විදුලි මෙන්ම ප්‍රබල සමාජ මාධ්‍ය නාලිකා හිමි හිරු මාධ්‍ය ජාලය 28 වසරක් පුරාවට පැමිණි අභිමානවත් ගමන් මඟේ නියමුවා වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.
එදා සිට අද දක්වා රට වෙනුවෙන් කැපවූ අභිමානවත් හිරුගේ ගමනේ සැබෑ හිමිකරුවා දයාබර ශ්‍රාවක, ප්‍රේක්ෂක ඔබයි.
අප සතු කිසිවෙකුට සම කළ නොහැකි සහ වෙනස් කළ නොහැකි එකම වත්කමද ඔබම පමණක් බවත් ඔබ වෙනුවෙන් එදා සේම අදත් හෙටත් කැපවන බව 28 වන සංවත්සර සැමරුමේදී අප ඔබට ලබා දෙන වෙනස් නොවන පොරොන්දුවයි.