රජයේ රෝහලකට ගියාම ලේ රිපෝට් එකක්, මුත්‍රා රිපෝට් එකක් ගන්න කොච්චර කල් බලන් ඉන්න ඕනෙද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අන්න ඒ ප්‍රමාදයට නියම හේතුව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහත්තයා මාධ්‍ය ඉස්සරහා හෙළි කරලා තියෙනවා.
රවි කුමුදේශ් මහත්තයා කියන විදියට දැන් අවුරුදු තුනහමාරක (3 1/2) ඉඳන් රජයේ රෝහල්වලට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් එකෙක්වත් අරගෙන නෑලු. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ වෙද්දී රෝහල් පද්ධතිය ඇතුළේ පුරප්පාඩු 1000කට අධික ප්‍රමාණයක් හැදිලා!
දුකම කතාව ඒක නෙවෙයි. මේ වෙද්දී අපේ රටේ කැම්පස්වලින් හොඳට ඉගෙනගෙන, පාස් වෙලා එළියට ආපු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ උපාධිධාරීන් 500කට වඩා ගෙදරට වෙලා රස්තියාදු වෙනවලු. ඉස්පිරිතාලවලට මිනිස්සු නැතුව ලෙඩ්ඩු මැරෙන්න යනවා, හැබැයි රස්සාව දෙන්න පුළුවන් සුදුසුකම් තියෙන අය ගෙදර! මේ නිසා මේ තරුණ පිරිස ඉන්නේ දැඩි කලකිරීමකින් කියලත් ඔහු කියනවා.
"අන්තිමට රෝහල් පද්ධතියේ සේවක සංගණනයක් කරලා තියෙන්නේ 2015 අවුරුද්දේ. ඒ කියන්නේ අවුරුදු 11ක් තිස්සේ ඉස්පිරිතාලවල මොනවද අඩුපාඩු කියලා කිසිම හොයාබැලීමක් කරලා නෑ!"
2015 වසරේදී රජයේ රෝහල්වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පුරප්පාඩු 361ක් තිබිලා තියෙනවා. ඒ කාලේ ඒකට හරියන්න කැම්පස්වලින් අවුට් වෙලා හිටියේ 347 දෙනයි. ඒ කියන්නේ පුරප්පාඩු ගාණටත් වඩා අයදුම්කරුවන් අඩුයි. හැබැයි මේ අයව නිකන්ම බඳවා ගන්නේ නැතුව, තරග විභාගයක් තියන්න ගිහින් ඒ සම්පූර්ණ බඳවා ගැනීමේ ක්‍රියාවලියම ඇනහිටලා නතර වෙලාම ගිහින්!