මාධවී වගේම ඇගේ ආදරණීය සැමියා කසුන් ගැනත්, ඒ දෙන්නගේ කැදැල්ලට ආපු අලුත්ම අමුත්තා වුණු හුරතල් කෛලාෂ් පැටියා ගැනත් රසිකයෝ නිතරම හොයලා බලනවා.
ඉතින් මේ ආදරණීය පවුලේ අලුත්ම තොරතුරක් තමයි මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්නේ.
මෙවර උතුම් පොසොන් පොහොය දවස අර්ථවත්ව සමරන්න මේ ආදරණීය පවුල අමතක කරලා තිබුණේ නෑ. කසුනුයි, මාධවීයි, චූටි කෛලාෂ් පැටියයි එකතු වෙලා පන්සල් ගිහින් පොසොන් සමරන ගමන් ගත්තු හරිම ලස්සන, ඒ වගේම හිත නිවෙන ඡායාරූප පෙළක් මාධවී තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුණා.
මේ ඡායාරූප පෙළ දැක්කම ඕනෑම කෙනෙකුගේ හිතට දැනෙන්නේ පුදුම ආදරණීය හැඟීමක්.